
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නය සදහා වගා කළ බඩඉරිඟු වගාවන් තුළින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇති බව ගොවියෝ පවසති.
මෙවර යල කන්නය සදහා දිස්ත්‍රික්කයේ වගා කළ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 1500 කි.
මේ වන විට එම වගාවන් තුළින් 50% ක අස්වැන්නක් නෙළා ගනිමින් ඇති බවත් අනෙක් බිම් අස්වැන්න නෙළීමට සුදානම් බව ගොවිහු පවසති.
පුත්තලම දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් පාලිත සේනාධීර මහතා මෙසේ කීය.
මෙවර දිස්ත්‍රික්කය අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 1800 ක් බවත් පාරම්පරිකව වගා කළ ප්‍රදේශය හැර අත්හදා බැලීමක් වශයෙන් හලාවත ප්‍රදේශයේ මෙවර බඩඉරිඟු වගාව සිදු කිරීමට කටයුතු කළ බවත් ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී ඇති බවයි.


COMMENTS
බඩඉරිඟු ඇමැති කෝ?
අනේ දෙවියන්ගේ පිහිටයි ඒ උදවියට... දුප්පත්කමේ පතුලේ මේ ඉඩම් කාලාන්තරයක් තිස්සේ බැටකන මේ අයට මෙහෙමවත් යහපතක් සිදුවීම ගැන මම සතුටු වෙනවා. හැබැයි ඉතින් කොමිස් කුට්ටි බලාගෙන විදේශීය බලපෑම් ගෙනැල්ලා මේ වගාවන් නම් විනාශ කරන්න එපා.