(රංජන් කස්තුරි)
ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්) සඳහා මෙතෙක් අය කළ සුඛෝපභෝගී බද්ද නොවැම්බර් 01 වැනි දින සිට ඉවත්කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව නොවැම්බර් 01 වැනි දින සිට සුඛෝපභෝගී බද්ද අයකරනු ලබන්නේ සුඛෝපභෝගී මෝටර් රථ සහ ජීප් රථ සදහා පමණකැයි මුදල් අමාත්‍යංශය කියයි.
වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, යතුරුපැදි, මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහන මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද එම අමාත්‍යංශය පවසයි.
තවද සුඛෝපභෝගී ගණයට අයත්වන්නේ රුපියල් ලක්ෂ 35ට වැඩි කාර් සහ ජීප් රථ පමණි. සුඛෝපභෝගී බද්ද අයකරනු ලබන්නේ වාහනයේ මිලෙන් රුපියල් ලක්ෂ 35 අඩුකර ඉතිරි මුදලට පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගැටවලට අහුවෙන්න එපා. අයෙත් බද්ද දානවා ඩබල් එකේ.