IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිනේෂ් ගුණවර්ධනට චීන විදේශ ඇමැතිගෙන් සුබ පැතුම්

නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා සුබ පැතුම් එක්කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පණිවුඩයක් එවමින් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා එලෙස සුබපැතුම් එක් කර තිබේ.

වසර 62කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකට ගෞරවයෙන් සහ සමාන ලෙස සැලකූ බව සඳහන් කර තිබෙන චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දෙරටේ උපායමාර්ගික සහයෝගීතාව සහ මිත්‍රත්තවය, අවංකකම, අන්‍යෝන්‍ය සහයෝගය සහ පරම්පරා ගණනක මිත්‍රත්වය යන කරුණු මත ගොඩනැගී ඇතැයි ද සඳහන් කර ඇත.  

මාවතක්-තීරයක් (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී ලෙස දෙරටේ සහයෝගීතාව වැඩි දියුණු කරගෙන ඇති බවත් පුද්ගල සබඳතා හා හුවමාරු වැඩි දියුණු කරගෙන ඇති බවත් සඳහන් කළ චීන විදේශ ඇමැති වැන්ග් යී මහතා පසුගිය වසර කිහිපයේදී එමගින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද පවසා තිබේ.

දෙරට තිබෙන සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් විවිධ ක්ෂේත්‍ර තුළින් දෙරට තිබෙන සන්නිවේදනය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමටත් චීන-ශ්‍රී ලංකා සබඳතා වඩාත් හොඳින් සංවර්ධනය කරගැනීමටත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා තවදුරටත් සඳහන් කර ඇත.

ෂිංහුවා ඇසුරිනි
055



අදහස් (4)

දිනේෂ් ගුණවර්ධනට චීන විදේශ ඇමැතිගෙන් සුබ පැතුම්

lalithm Monday, 25 November 2019 02:41 AM

MCC එකට විරුද්ධ වුනේ බෙල්ට්...

:       0       81

sharm warn Monday, 25 November 2019 04:33 AM

ඔන්න ඔන්න ආයෙමත් මුවාට කලින් කැන පැනලා ... තාවකාලික කැබිනට් එකකට පත් වෙච්ච ඇමති කෙනෙකුට චීනෙන් සුබ පතන්නේ අත ලෙව කන්න නෙමේ... අපි චීන කොලනියක් වෙන්න දෙන්න නම් බැහැ ආයෙමත්...

:       23       208

සමන්ත Monday, 25 November 2019 04:45 AM

සමන්ත ජාතිවාදියෙක්... අන්ත ජාතිවාදියෙක්. චීනයටම හොඳයි.

:       2       125

kamal Monday, 25 November 2019 07:41 AM

තදින්ම වැඩකළ අයට මොනවා හරි කලින්ම දෙන්න එපායැ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site