පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ නව ආණ්ඩුවට බහුතර සාමාජිකයන් පිරිසක් පත් කර දෙනු ඇතැයි විශ්වාස කරන බව දන්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා කාතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කර ඇත.
එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරමින් පිහිට වූ නව රජයට ප්‍රමාද වී හෝ තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කිරීම පිළිබඳ මාගේ ස්තූතිය ඔබ වෙත පිරි නැමීමට කැමැත්තෙමි.
අතීතයේ සුළුතරයක් ආණ්ඩු පක්ෂයට තිබියදී ජනාධිපතිවරු දෙදෙනෙක් ආණ්ඩු දෙකක් පත් කර ඇත. එනම් 2004 මැතිවරණයෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පත් කළ ආණ්ඩුව හා 2015 ජනවාරි 08 දින ජනාධිපති මැතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ආණ්ඩුවයි.
2004 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වී පළමු දිනයේදීම පැවති කතානායක තේරීම් ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය පරාජය විය. ඒ අනුව ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොමැති බව ඔප්පු වූ අතර ඡන්දයෙන් ජයගත්තේ විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා වූ විජමු ලොකුබණ්ඩාර මැතිතුමාය.
විජමු ලොකුබණ්ඩාර මැතිතුමා විසින් පත් කළ තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දස දෙනෙක්ද, මුස්ලිම් කොන්ග්‍රසයෙන් එක් අයෙක්ද, වතුකම්කරු කොන්ග්‍රසයෙන් එක් අයෙක්ද, කඳුරට පෙරමුණෙන් එක් අයෙක්ද, හෙළ උරුමයෙන් එක් අයෙක්ද වශයෙන් පත් කර ගන්නා ලදී. ඒ අනුව ආණ්ඩු පක්ෂයට දාහතර දෙනෙක් (14) ලැබුණි. විපක්ෂයට හිමි වූයේ නවදෙනෙකු (09) වන අතර එක්සත් ජාතික පක්ෂයට පස්දෙනක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද, ද්‍රවිඩ සන්ධානයට දෙදෙනෙක්ද වන ලෙසිනි.
කතානායකතුමනි, එසේම 2015 ජනවාරි 08 දින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ අගමැතිවරයාට හා එම ආණ්ඩුවට සිටි මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50ට අඩුය. එසේම විපක්ෂයට ඒ වන විට මන්ත්‍රීවරුන් 150ට වැඩි ගණනක් සිටි බවද ඔබතුමා ඉතා හොඳින්ම දන්නා කරුණකි.
එහෙත් එවකට කතානායකවරයා ලෙස සිටි චමල් රාජපක්ෂ මැතිතුමා තේරීම් කාරක සභාව පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට පස්දෙනෙක්ද 150 කට වැඩි පිරිසක් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයටද පස්දෙනෙක්ද, වතුකම්කරු කොංග්‍රසයට එක් අයෙක්ද, හෙළ උරුමයට එක් අයෙක්ද, ජාතික කොංග්‍රසයට එක් අයෙක්ද, ජනතා විමුක්ති පෙරමුණට එක් අයෙක් හා ද්‍රවිඩ ජාතික සන්ධානයට දෙදෙනෙකු බැගිනි. ඒ අනුව නව ආණ්ඩුව පත් කළ පිරිසට නව දෙනෙක් (09) ලබාදීමෙන් ආණ්ඩුවට බහුතරය ලබාදී තිබුණි.
මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙක් රජයට එක් වී නොසිටි බව ඔබතුමාට කාරුණිකව මතක් කරනු කැමැත්තෙමි.
ඒ අනුව යමින් මෙවර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීමේදී ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ නව රජයට බහුතර සාමාජිකයන් පිරිසක් පත් කර දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
ඒ අනුව දෙළොස් දෙනෙකුගෙන් යුතු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ සමඟ අමුණා ඇති ලිපියේ සඳහන් හත් දෙනා පත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා තේරීම් කමිටුවේ සංඛ්‍යාව දෙළොස් දෙනෙකුට වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව මාවෙත දැනුම් දෙන ලෙසද, එවිට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් තේරීම් කාරක සභාවට අමතර මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර එවීමටද බලාපොරොත්තු වන බවද කාරුණිකව සඳහන් කරමි.‘‘
055
COMMENTS
හැන්සාඩ් එක දැක්කේ නැතෙයි. දැන් කිසිම ආණ්ඩුවක් රටේ නෑ. පාර්ලිමේන්තුව තුල කිසිම ආණ්ඩුවක් නෑ කියලා නිවේදනය කරලා හැන්සාඩ් ගත වෙලා ඉවරයි. දැන් හැම පක්ෂයටම සමානව තමයි බෙදෙන්නේ...
මීටත් වඩා හොඳයි යකෝ හිඟා කන එක...
කථානායක ඡන්දෙන් පැරදුණත් 2004 මැතිවරණයෙන් ජයගත්තේ සංධානය නිසා නීත්‍යානූකූල ආණ්ඩුව ලෙස එය පිළිගත හැක. එතැනදී ඒකාබද්ධ විපක්ෂයක් නොතිබිණි. එමනිසා චමල්ගේ තීන්දුව හරි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදුණු නිසා රටේ බහුතර ජනතා මතය දිනාගෙන ඇත්තේ සිරිසේන ප්‍රමුඛ කණ්ඩායමටයි. එතැනදීත් චමල් නිවැරදිය. නමුත් මෙතැනදී බහුතර ජනතා මතයක් සෘජුව හෝ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වී නොමැත. මෙතන ඇත්තේ හොර අගමැති කෙනෙක් සහ ආණ්ඩුවකි. මේ නිසා අතීත උදාහරණ පිළිගත නොහැක.
සාමාජිකයින් වැඩියෙන් පත්කරන්න ආණ්ඩු පක්ෂයක් නෑ.
කුස්සි දොරෙන් ඇවිල්ලා තනතුරු හිඟාකෑම ලැජ්ජාවක් ..
පළමුකොට ඔය කියන ආණ්ඩුවේ නීත්‍යානුකූල බව ඔප්පු කරන්නකෝ. ඔය කියන හැමදේම හරියන්නේ 19අ වගන්තියට පෙර. කරුණාකර 19අ වගන්තියට ගරු කරලා ගෝෂා කරලා කලබල ඇතිකරන්නේ නැතුව බහුතරය පෙන්නලා ආණ්ඩුවේ නිත්‍යානුකුල භාව පෙන්වන්න.
හොර පාස්පෝර්ට්කාරයෝ, වංචාකාරයෝ තේරීම් කාරක සභාවට පත්කිරීම වැරදියි. පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තමයි තෝරන්න ඕනෑ. අනිත් පක්ෂවලිනුත් තෝරාගන්න ඕනෑ...
තම රැකියාවේ පැවැත්ම උදෙසා කාගේ හෝ ඇඟක වහන ‘කිනිතුල්ලෙක්’, ‘මැක්කෙක්’ වැනි දේශපාලකයෙකි. මෙවැන්නන්ගෙන් රටට කිසිම වැඩක් නැත.
මුළු සේසතම කැප කළා මිස කිසිවක් හරි හම්බ කර නොගත් පිලිප් ගුණවර්ධන රොබට් ගුණවර්ධන මහතුනේ, ඔන්න බලාගන්න ඔබතුමාලගේ පසු කාලීනයන්ගේ වැඩ කිඩ.