IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


දන්ත වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාවත් ඉහළට

(සුජිත් හේවාජුලිගේ)

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අනිවාර්ය නිවාඩු ගැන්වීමේ වයස් සීමාවද 63 දක්වා දීර්ඝ කර ඇත

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63දක්වා ඉහළ නැංවීම අප්‍රේල් 5 වැනිදා සිටද හෙද නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63 දක්වා ඉහළ නැංවීම ජුනි 14 සිටද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇත.

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය මීට ඉහත දී නිකුත් කෙරිණ

 



අදහස් (11)

දන්ත වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාවත් ඉහළට

rangith Saturday, 10 July 2021 06:56 PM

මේ ගමන් අනෙක් සේවා වලටත් මෙය ක්‍රියාත්මක කළොත් නරකද? විශ්‍රාම වැටුප ගෙවනවට වඩා වැඩක් අරන් වැටුපක් දෙනවා නම් රටට වාසි සහගතයි නේද?

:       0       0

sama Saturday, 10 July 2021 06:58 PM

අනෙක් සේවාවල පලපුරුදු නිලධාරීන්ගේ සේවය තවදුරටත් ගෙන්වීම රටට ඵලදායී නැතිද?

:       0       0

prem Saturday, 10 July 2021 06:59 PM

දියුණු රටවල විශ්‍රාම යන වයස අපිට වඩා ගොඩක් වැඩියි.. උපරිම කාලයක් සේවය ගැනීම රටට වාසියි.

:       0       1

dan Saturday, 10 July 2021 07:00 PM

රාජ්‍ය සේවයට වැටුප් වගේම විශ්‍රාම යෑම සම්බන්ධයෙන්ද, පොදු ප්‍රතිපත්තියක් තිබීම හොඳ නැතිද?

:       0       0

ruwan Saturday, 10 July 2021 07:02 PM

පාර්ලිමේන්තුවේ ඇත්තන්ට වයස සීමාවක් නැත.. රජයේ නිලධාරීන්ට පමණක් මේ නීති...!!!

:       0       0

prem Saturday, 10 July 2021 07:38 PM

පරිපාලන, මූල්‍ය, විද්‍යාත්මක මේ වගේ දීපව්‍යාප්ත සේවා වල ප්‍රවීණයන්ගේ සේවය තවදුරටත් ගැනීමට අවශ්‍ය නැතිද?

:       0       0

waruna Saturday, 10 July 2021 07:40 PM

මේ කණ්ඩායම් වලට විතරද සියලුම දේවල්... ?

:       0       0

wima Saturday, 10 July 2021 07:42 PM

පොදු ප්‍රතිපත්තියක් මත රාජ්‍ය සේවයේ අනෙක් විද්වතුන්ගේ සේවය තවදුරටත් ගන්න එක සුදුසු නැතිද?

:       0       0

wickramanayeka Saturday, 10 July 2021 09:14 PM

එංගලන්තය වැනි දියුණු රටවල විශ්‍රාම වයස දැන් 66... විශ්‍රාම යන වයස වැඩි කරන එක ආර්ථික වශයෙන් ඵලදායී වෙනවා.

:       0       1

wilan Saturday, 10 July 2021 09:19 PM

කැමැති අයට 60 ඔබ්බට වැඩ කරන්න දීම රටට වාසියක්... නැතිනම් රටේ රජයේ අරමුදල්වලින් නඩත්තු කරන කොට්ඨාශය වැඩිවෙනවා. කැමැති නම් වැඩකරන්න දෙන එක රටට වාසි සහගතයි.

:       0       1

vidya Sunday, 11 July 2021 06:21 AM

ඔය අදහස පාර්ලිමේන්තුවටත් ගෙනාවොත් නරකද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 313 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 599 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site