IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තිස්සේ තවත් රක්ෂිතයක් එළි කර හෝටලයක් හදලා

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම ජුල්පල්ලම ග්‍රාමසේවා වසමට අයත් වනසංරක්ෂණ ප්‍රදේශයක මහා පරිමාණයෙන් කැලෑව එළිපෙහෙළි කොට නිවාඩු නිකේතනයක් හා කොඩිගහ වැවට ජලය සැපයෙන ආර හරස් කොට බැකෝ යන්ත්‍ර යොදා  අක්කර කාල පමණ භූමියක වැවක් ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශයේ ගොවීන් බියවද්දා පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහ ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහාය ඇතිව බලහත්කාරයෙන් මෙම කටයුතු සිදුකරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරයි.

අංක 18 34 /14 ගැසට් පත්‍රය අනුව කඳුළුගලකන්ද, කුරුකූඹියා කන්ද,සාම කුලිය, බෙරලිහෙල කන්ද යන ප්‍රදේශවලට මායිම්ව විශාල ඝන කැලෑ ප්‍රදේශයක් ලෙස 2013 වසරේ නොවැම්බර් 15 වන දින ගැසට් කරන ලද මෙම සාම කුලිය රක්ෂිතය මේ වන විට ඉඩම් ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව

බුරුත, කොහොඹ, අගිල් සහ ටර්පන්ටයින් වැනි ඉහළ වටිනාකමක් ඇති විශාල ගස් මෙම ඝණ කැලෑවේ දකින්නට ඇත.

මෙම පුද්ගලයා අක්කර 15ක පමණ ප්‍රදේශයක් එළිපෙහෙළි කොට එවැනි ඉහළ වටිනාකමක් ඇති ගස් කපා අනවසර ඉදිකිරීම් සිදුකර ඇති අයුරු එහි කළ සංචාරයකදි අපට දැක ගත හැකි විය. 

මෙම භූමියේ තැනින් තැන ගොඩගසා තිබෙන ආකාරය දැක ගැනීමට හැකිය. මීට අමතරව උගුලා දැමිය නොහැකි මයිල සහ විශාල කටුතොල්ලන් ගස් තැනින් තැන ගිනි තබා ඇති ආකාරය ද ඒවා ගිනි ගනිමින් විනාශ වන ආකාරය අප එහි යන විටත් දැක ගැනීමට හැකි වීය.

මෙලෙස හෙළිපෙහෙළි කළ විශාල ඉඩමේ එක් පසෙක කාමර කීපයකින් සමන්විත නිවාඩු නිකේතනයක් ඉදිවන අතර එම නිවාඩු නිකේතනය ඉදිරිපිට අඩි පහළොවක් පමණ ගැඹුරට හාරා විශාල වේල්ලක් ඉදි කොට වැවක් සාදා තිබෙන ආකාරයත් දැකගැනීමට හැකිවීය.

මෙලෙස කොඩිගහයට ජලය සැපයෙන්නේ මාර්ග සියල්ල අවහිර වීම හේතුවෙන් මේ වනවිට කොඩිගහ වැවේ ඉතා සුළු භූමි ප්‍රමාණයක පමණක් ජලය රැඳී ඇති ආකාරය දැක ගැනීමට හැකිය .ගොවි පවුල් දෙසීයකට වැඩි ප්‍රමාණයක වී වගාව සිදු කරන අතර මේ හේතුවෙන් එම ගොවීන් පත්ව ඇත්තේ ද දැඩි අසීරුතාවකට පත්ව ඇත .



අදහස් (2)

තිස්සේ තවත් රක්ෂිතයක් එළි කර හෝටලයක් හදලා

ලුම්බිණි Wednesday, 20 October 2021 03:12 PM

ඔය තියෙන්නේ අපට ඉන්න රටක්.

:       0       15

ජනතාව Wednesday, 20 October 2021 10:55 PM

‘හොරු සමග නිරුවතෙන්’ කියන නාට්‍යය අපි බලමින් ඉන්නවා කියල හිතෙනවා. තම ප්‍රදේශයේ සම්පත් රැකගැනීම ජනතාව නොකලොත් මෙවැනි හොරු තමන්ට ඉන්න හිටින්න තැනක්වත් තියන එකක් නැහැ වගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site