IMG-LOGO

තවත් ෆයිසර් තොගයක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීමට , ශ්‍රී ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිළදී ගත් ඇමෙරිකාවේ "ෆයිසර්" එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්රැම් 4,360 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා , මුලින්ම  ඇමෙරිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත ගුවන් මගින් ගෙනැවිත් , එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත් තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් තොගය අද (20) උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම එන්නත් සෙල්සියස් ඍණ 80 ක (-80C°) රදවා තබා ගත යුතු අතර, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .



අදහස් (0)

තවත් ෆයිසර් තොගයක් කටුනායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site