(රංජන් කස්තුරි)
ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට හදිසියේ වසරක සේවා දිගුවක් ලබාදී මැතිවරණ නීති - රීති උල්ලංඝණය කළ බව සඳහන් කරමින් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉකුත් 15 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටි නමුත් හදිසි කැබිනට් අනුමැතියකින් ඔහුට තවත් වසරක සේවා දිගුවක් ලබාදී ඇතැයි ඉංජිනේරු සංගමය මැතිවරණ කොමිසම කළ එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මැතිවරණ සමයේ දී එවැනි සේවා දිගුවක් ලබාදීම නීතිවිරෝධී හෙයින් එය අත්හිටුවන්නැයි ද ඉංජිනේරු සංගමය එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ටිකේ තිබුනේ කෝටි හතළිහ, කෝටි විසිදෙක වගේ ගණන් වංචා කරලා තියනවා කියලා. කොහොම වුණත් හොර ගුහාවක්ලු. ඕවාට සහභාගී වෙච්ච කට්ටියව ආරක්ෂා කරන්න ඕනේ හින්දද දන්නේ නැහැ.