( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ අද (14) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .
අද දින රාත්‍රී 7.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය එසේ කටුනායක ගුවන් තොටුපළෙන් , ජපානයේ නරීටා ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .
මෙම ගුවන් යානය තුළ අද (14)දින දහවල් මාලේ ගුවන් තොටුපළේ සිට , කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ජපන් ජාතික ගුවන් මගීන් 16 දෙනා ද විය .
මෙම ගුවන් මගීන්ට අමතරව ,කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සහ විදේශීකයන් 141 දෙනෙකු ද මෙම ගුවන් ගමන සදහා එක් වී සිටියහ .
ඔවුන් ව්‍යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 147 ක් ද වශයෙන් අසුන් ගෙන සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd