IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ජනරජ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට

අජන්ත කුමාර අගලකඩ

 

කොළඹ කොටුවේ පිහිටි ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, මිලෝදා ආයතනය පවත්වාගෙන යන පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට රැගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවත්වාගෙන යන ජනරජ ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමිත වීමත්, එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකළ යුතුවීමත් සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය, කොළඹ 5, කැප්පෙටිපොළ මාවතේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට ගෙනයාමට, ඉකුත් රජය යටතේ තීරණය කර තිබිණි.

එහෙත් එම ගොඩනැගිල්ල වසර 40 කට වඩා පැරණි වීමත්,එහි අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවීමත් යන කාරණා මත එම තීරණය ක්‍රියාත්මක නොකිරිමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (1)

ජනරජ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට

sharm warn Wednesday, 12 February 2020 03:53 AM

මේකත් තව එක සබිතාපායක් නොවේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site