IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනපතිවරණයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණය සමයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා ක්‍රමවේද රැසක් භාවිත කරන බවත් සිදුවීම් එකින් එක නිරීක්ෂණය කරන අතර යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රා යුවානෝ මහත්මිය ‘ලංකාදීපය’ට පැවැසුවාය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ඉකුත් දා නිල වශයෙන් ආරම්භ කළ අතර මෙවර ඔවුන් සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

අන්තර්ජාලය කෙරෙන හා සිදුවන දේශපාලන සන්නිවේදන කටයුතු විශ්ලේෂණය කිරීමට උපකරණ හා විවිධ තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිත කරන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දිමිත්‍රා යුවානෝ මහත්මිය කීවාය. එමගින් අපට ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට ගන්නා ලද උත්සාහ කිරීම්, පෙළඹවීම්, වෛරී හා භයානක ප්‍රකාශ, අපහාස, දුස් තොරතුරු සහ ව්‍යාජ පුවත් යනාදිය සම්බන්ධයෙන් තොරතුරු එකතු කරගැනීමට හැකි බව ද ඇය පැවැසුවාය.

ඊට අමතරව මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය හැසිරීම, භාවිතය සහ ඒවායේ අන්තර්ගතය ද නිරීක්ෂණය කරන බව ද දිමිත්‍රා යුවානෝ මහත්මිය සඳහන් කළාය.

“එම නිරීක්ෂණ කටයුතුවලදී අපි අන්තර්ජාල ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ හැසිරීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. අපි එකින් එක සිද්ධිය අධ්‍යයනය කරනවා, නිරීක්ෂණය කරනවා වගේම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය. 



අදහස් (0)

ජනපතිවරණයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site