IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් පොස්පේට් සභාපති ධූරයට

(දයාරත්න ඇඹෝගම)

සීමාසහිත පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පත්කර තිබේ.

මහව විජයබා මධ්‍ය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු  නීතිඥ කරුණාරත්න හේරත් මහතා වසර 38ක කාලයක් නීතිඥ වෘත්තීයේ නියලී ඇති අතර වර්තමානයේ ජනාධිපති නීතිඥවරයකු ලෙස සිය රාජකාරී කටයුතුවල නිරත වී සිටියි.  

ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරියකු ද වන අතර අනුරාධපුර හා උතුරුමැද නීතිඥ සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කරන්නෙකි. ඔහු විසින් නීතිඥ ක්ෂේත්‍රයේ ග්‍රන්ථ රාශියක් ද රචනා කර ඇත.

ජනාධිපති නිතිඥ කරුණාරත්න හේරත් මහතා මිහින්තලය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් පොස්පේට් සභාපති ධූරයට

Sanka Wednesday, 03 April 2019 07:00 AM

දැන් මෙයා මොනවද පොස්පේට් ගැන දන්නේ? නිෂ්පාදනය, මාර්කටින්, පොහොර පිලිබඳ පල පුරුද්ද. දේශපාලන පත්වීම් කරනවා ඊට පස්සේ මෙ ආයතන පාඩුයි කියනවා.

:       0       62

අලුගුත්තෙරුවා Wednesday, 03 April 2019 07:20 AM

මහින්දට පින්සිද්ද වෙන රටේ නමක් හදාගෙන, මෛත්‍රීට ස්තුති වෙන්ඩ ජනාධිපති නීතිඥ කමකුත් ලබාගෙන UNP හැරිසන්ගෙන් සබාපති කමකුත් අරගෙන! ඉතින් මෙයාට පොස්පේට් ගොඩ දාන එක මහා කජ්ජක්ය කියල හිතනවද?

:       0       55

Hafeel Wednesday, 03 April 2019 12:03 PM

සුදුසුකම් කොහොමවුණත් මිහින්තලය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක...

:       0       1

RaveendraWednesday, 03 April 2019 01:44 PM

හැරී අයියත් නරකම නැහැ. බලන්නකෝ, කොච්චර අවංක ගොයියෙක්ද කියලා...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site