IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයි

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රට තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර ගන්න බැරි නම් එතනින් එහාට යාමේ අයිතියක් පුරවැසියන්ට තිබෙන බව ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වා ගන්නට තිබූ බව ද පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ මේ බව පැවසුවේ කොළඹ අගදරගුරු මැදුරේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කතෝලික සභාව මේ ගැන වතිකානයට ලිඛිතව දැනුම් දී අනතුරුව මානව හිමිකම් කවුන්සිලයට ද දැනුම්දීමට කටයුතු කළේ රට තුල දී යුක්තිය සහ සාධාරණත්වය ඉටුවේද යන්න ගැන විශ්වාසයක් නොවූ නිසා බව කී සිරිල් ගාමිණී පියතුමෝ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය තිබෙන්නේ ඒ වෙනුවෙන් බව ද ප්‍රකාශ කළහ.

එදවස පළමුවෙන්ම ජීනිවාවලට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව කී  සිරිල් ගාමිණී පියතුමෝ සාධාරණයක් ඉටුකරගැනීම වෙනුවෙන් කතෝලික සභාවට ද මෙම පියවර ගැනීමට සිදුවූ බව පැවසූහ.

තමන්ට ජාත්‍යන්තරයට යාමට සිදුවීම පිළිබදව වගකිව යුත්තේ රජය බව කී පියතුමෝ රජය යම් පියවරක් ගන්නා තුරු අවුරුදු දෙකහමාරක් බලා සිටි බවද සඳහන් කළහ.



අදහස් (23)

ජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයි

Duminda Thursday, 16 September 2021 07:21 PM

ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු නොවන සහාරන් හෂීම් ත්‍රස්තවාදියකු වන ..........කතෝලික සභාව කතෝලික සභාව රායප්පු ජෝසප්ව සහ ඔහු කරපු දේවල් සාධාරණිය කලාද? එසේනම් කතෝලික සභාව මේ ගැන කියන්නේ කුමක්ද? ප්‍රභාකරන් නිසා මිය ගිය කතෝලික අයට සාධාරණයක් කොහෙද?.

:       44       63

බද්රානිThursday, 16 September 2021 09:59 PM

ඔබගේ පැනයට පිළිතුර තමයි, ප්‍රභාකරන්ට ජනතා මුදලින් බුද්ධි අංශ නිලධාරියෙක් ලෙස වැටුප් නොගෙවීම. අනෙක් කාරණය සහාරාන්ලා මෙන් බුද්ධි අංශ මුලින් දැනුවත් කොට, ප්‍රභාකරන්ගේ ප්‍රහාර සිදු නොවීම. ඒ වගේම ප්‍රභාකරන් සිදුකල ප්‍රහාරයන් වලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම හා සහරාන් සිදුකල පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් නිසිලෙස ඉටු නොවීම. සැගවී සිටි ප්‍රභාකරන්ගේ ප්‍රහාර වල මහමොලකරු ඔහු උනත් සහරාන්ලාගේ මහා මොලකරු තවමත් නිදැල්ලේ සිටිමින් නම රටට ආවරණය නොවී මේ සමාජයේ අප අතරම වැජබීම. සහරාන්ලාට බෝම්බ තාක්ෂනය ලබාදුන් මොලකරුවා තවම අනාවරණය නොවීමත් ගැටළුවක්. ඒ ගැන කිසිම කතාවකුත් නැහැ. ඒ ප්‍රහාරවල මහා මොලකරුවා දෙමළෙක් උනත් මේ පාස්කු ප්‍රහාරයේ නහමොලකරුවා සිංහලයෙක් බවයි අප විශ්වාස කරන්නේ.

:       2       4

රත්නායක Thursday, 16 September 2021 10:17 PM

ප්‍රභාකරන් නායකයකු වුවද සහරාන් නායකයා නොවන බවත් නායකත්වය කාගෙද යන්න අබිරහසක් වු අවස්ථාවක්.

:       2       3

BamunuarachchiSunday, 19 September 2021 10:24 AM

ඔබ නොදන්නවාට මම දන්නවා ප්‍රහාරයේ මුලිකයා කවද කියලා. දැනගන්න ඔනෙද? කොමිෂන් සාකෂිවලත් කියවුනා මද්‍රසා පෙළපොත් වලත් තිබෙන බව. තව මොනවද කතා.

:       0       0

ArunaThursday, 16 September 2021 11:24 PM

දුමින්ද ඔබ තමා මේ කතාවේ නියම අර්ථය මතක් කලේ - මමත් අහන්නේම ඕක තමයි

:       1       3

fairoos Thursday, 16 September 2021 07:21 PM

සර් ට කඩේ ගිය එකේ ප්‍රතිඵල

:       47       38

BamunuarachchiFriday, 17 September 2021 10:02 AM

මේවට කොහෙන්ද අපි හිනා වෙන්නේ?

:       3       5

BamunuarachchiFriday, 17 September 2021 04:37 PM

යහපාලකයින්ට කඩේ ගිහිල්ල කොරගත්ත හරිය අමතක වෙලා වගේ

:       1       2

Tiran Thursday, 16 September 2021 07:23 PM

මිනිස්සු දහ අතේ මැරෙද්දි ලෙඩ්ඩු පිටරටින් ගේන්න හදන, කෑම බෙහෙත් ගේන්න සල්ලි නෑ කිය කිය, මිනිස්සුන්ගේ සල්ලි වලින් රට සවාරි යන පාලකයින්ගෙන් මොන සාධාරනත්වයක්ද . පියතුමන්ලා ගත්ත තීරණ සෘජුයි. සල්ලි වලින් යට කරන්ඩ හැදුවට යට උනේ නැහැ. යුක්තියට පෙනී සිටියා. ආණ්ඩුවේ ඉන්න හාමුදුරුවන්ටත් ඔය ගතිය තිබ්බනං, රජයට ඔච්චර වල්මත් වෙන්න හම්බෙන්නේ නැහැ.

:       39       68

ජනයා Thursday, 16 September 2021 07:34 PM

මේවා හොයයිද​?

:       4       22

BamunuarachchiSunday, 19 September 2021 10:17 AM

ප්‍රහාරය නවත්ත ගන්න පුළුවන් කාලේ නිකන් ඉඳලා දැන් ප්‍රහාරකයෝ හොයන්නලු.

:       0       0

Kule Thursday, 16 September 2021 08:58 PM

මුස්ලිම් ජනතාවගේ මතය තේරුම් නොගත් රජය සහ කතෝලික සභාව කුලල්කා ගන්න බවනම් පෙනෙනවා.

:       0       0

BamunuarachchiFriday, 17 September 2021 04:40 PM

මෙරටේ අපට මුස්ලිම් ජනතාවගේ මතයක් වැඩක් නැහැ .අපේ මතය තේරුම් ගන්න ඇතිනම් අකුලාගෙන ආව තැනකට යන්නේ. අපිට මොකටද මුස්ලිම් මතයක්. අපි මුස්ලිම් රටකට ආවේ නැහැ.

:       2       2

Don perera Thursday, 16 September 2021 11:27 PM

රටේ ඉන්න මී හරක්ට කේන්ති යයි .ගණන් ගන්නේ එපා

:       0       2

BamunuarachchiSaturday, 18 September 2021 06:26 AM

මීහරක් කේන්තිය තේරෙන්නේ තවත් මී හරකෙකුටම තමයි

:       0       0

Demuni Uduwara Friday, 17 September 2021 02:15 AM

ඔබ පමණක් නොව අපි ද ආණ්ඩුව විශ්වාස නොකරමු!

:       2       11

Sriland Friday, 17 September 2021 02:35 AM

ඒක හොඳයි.

:       2       3

Ranjith Friday, 17 September 2021 03:06 AM

සියලු දෙනා ඔබ සමගයි.

:       2       8

Sunil Friday, 17 September 2021 07:02 AM

අපටත් මේ රජය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පහුගිය රජයට වඩා අන්තයි.

:       7       12

චන්දන Friday, 17 September 2021 09:29 AM

පහුගිය ආණ්ඩුව මෙහෙමවත් හෙව්වේ නැහැ. මේ ආණ්ඩුව ත් මේ කරන ටික මදි. එහෙනම් කවුද මේ විමර්ශනය හරියටම කරන්නේ ?.

:       1       2

Bamunuarachchi Friday, 17 September 2021 10:00 AM

අර යහපාලකයෝ පාස්කු ප්‍රහාරය හොයන්න දාපු කාරක සබාව ගැන ලොකු විශ්වාසයක් තිබෙන්න ඇතිනේද?

:       1       3

කිරි පුතා Friday, 17 September 2021 11:25 AM

දැන් ජාත්‍යන්තරය වැඩේ කරල දෙයිද.?

:       2       4

gobs Friday, 17 September 2021 11:52 AM

අපේ ප්‍රශ්න අපිටම විසඳගන්න විදිහක් තිබ්බානම් තමයි හොඳ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 115 0

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 22 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 529 2

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 728 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 635 2

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 3170 6

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1260 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 325 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site