(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (16) පස්වරු 6 සිට නිල ඡන්ද ප්‍රතිඵල සජීවී විකාශය ආරම්භ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට යු - ටියුම් හා මුහුණු පොතෙන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභයට වඩා සජිත්ගේ ජයග්‍රහණයක් ඉන්දීය රජය වැඩි කැමැත්තක් දක්වනු ඇත. එයට හේතුව වී ඇත්තේ පසුගිය රජය 2015 පෙර ඉන්දියාවේ මන්මෝහන්ගේ මධ්‍යම රජය සමග ඇති කරගෙන තිබූ දේශපාලන මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ගැටීම නිසා රාජපක්ෂ පවුලේ කෙනෙකු ජනාධිපතිවරයා වනවාට වඩා වෙනත් කෙනෙකු ජනාධිපති වුවහොත් පහසු වනු ඇතිබව ඔවුන්ගේ මතය වේ....
පරිගණක නැති මිනිස්සු ඉතින් බොරු ප්‍රචාරවලට රැවටිලා රතිඤ්ඤා ටික නාස්ති කර ගනියි. දැන් අර පිටි මිල වැඩිකළා කියලත් සමහර මාධ්‍ය ලොකු ඝෝෂාවක් ගෙන යන්නේ ඒවගේ තමයි ඉතින්...
මැකෝ මේ මැතිවරණෙ ඡන්ද දායකයින්ගේ අයිතියක් වෙච්ච නිරවුල්ව ඡන්දය පාවිච්චි කරන්න තිබුණු අවස්ථාව අපට අහිමි කළා. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වුණානම් කරන්න තිබුනේ ඒ ඒ අපේක්ෂයින්ට අංකයක් දෙන එකයි. එහෙම වුණා නම් ඉතාමත්ම පහසුවෙන් අංකය සහ නමත්, සලකුණත් බලලා ඉක්මණට සහ නිරවුල්ව ඡන්දය ප්‍රකාශ කරන්න තිබුණා. දැන් එතනට ගිහින් අර නම් 35ම බලලා අදාළ සලකුණ හොයන්න ගියාම මොන විකාරයක්ද ඒක...? ඒ නිසා මැකෝ ඡන්ද පත්‍රිකාව හදන වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් කළා...
ඒක ගොඩක් හොඳයි.
එෆ්බී එකට මුහුණු පොත කිව්වා වගේ, යූ ටියුබ් එකට යූ නළය කියලා කිව්වා නම් හොඳ නැද්ද?