(මුදිතා දයානන්ද)
උසස් වීම් ලද ගුරුවරුන්ට ලැබිය යුතු වසර නවයක හිඟ වැටුප් ගෙවීම අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාත් වසර අටක් තිස්සේ මඟහරිමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.
මෙම හිඟ වැටුප් ගෙවිම සඳහා කොළඹ කලාපයේ ජාතික පාසල්වල ගුරුවරුන් සඳහා ලක්ෂ 196ක් ලබාදෙන්නැයි කොළඹ අධ්‍යාපන කලාප කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති බවද ඒ අනුව ගණන් බලන්නේ නම් කොළඹ දිස්ත‍්‍රික්කයේ ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් ලක්ෂ දෙදහසක් පමණ වැය වනු ඇති බවද ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා අද (24) පැවසීය.
මේ අනුව රටේම ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් හිඟ වැටුප් ගෙවීමට බිලියන හතරකට ආසන්න මුදලක් වැය වනු ඇති අතර පළාත් සභා පාසල්වලට මීටත් වඩා අධික මුදලක් වැය වනු ඇති බවද ස්ටාලිං මහතා පැවසීය.
ජාතික පාසල් ගුරුවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද පළාත් සභා පාසල් ගුරුවරුන් සඳහා ඒ ඒ පළාත්වල පළාත් සභා භාණ්ඩාගාර වලින්ද මෙම හිඟ වැටුප් සඳහා මුදල් වෙන්කළ යුතුව ඇති නමුත් 2011 සිට මේ දක්වා මෙම ආයතන කිසිවකින් ඒ සඳහා ප‍්‍රතිපාදන වෙන් කර නැති බවද ස්ටාලිං මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.