IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ගමනාගමන සේවකයෝ ජනපතිගෙන් ප්‍රසාද දීමනාව ඉල්ලති

(බිඟුන් මේනක ගමගේ)

 
ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ට ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
 
රුපියල් බිලියන 2.1ක මෙහෙයුම් ලාභයක් ශ්‍රී ලංගමය ලබාගත් බව ප්‍රවාහන බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කර ඇතැයි ද රුපියල් 10 000 ක ප්‍රසාද දීමනාවක් දෙන බවට ප්‍රවාහන ඇමැතිවරයා පොරොන්දු වී යැයි ද එහි කැඳවුම්කරු සේපාල ලියනගේ මහතා පවසයි.
 
රුපියල් බිලියන 2.1ක මෙහෙයුම් ලාභයක් ශ්‍රීලංගමයට ලබාගැනීමට හැකිවුණේ සේවකයින්ගේ ඉමහත් කැපකිරීම නිසා යැයි ද එමනිසා සේවකයන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී ඇති මොහොතක ප්‍රසාද දීමනාවක් දීම අසාධාරණ නොවන්නේ යැයි ද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි. 
 
ශ්‍රී ලංගම සේවකයින්ට 2018 වර්ෂය සඳහා රුපියල් දස දහසක ප්‍රසාද දීමනා මුදලක් ලබාදීමටත් 2010 සිට බැංකු ගතකිරීම පැහැර හැර ඇති සියලූම අර්ථසාධක අරමුදල් ද බැංකුගත කිරීමටත් මැදිහත් වන ලෙස ඉල්ලා පසුගිය මැයි මාසයේදී ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.  
 
ඒ අනුව සේවකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 10 000.00 ක මුදලක් වැටුපෙන් අයකර ගැනීමේ පදනම මත ලබාදී රුපියල් 15 000.00 ක් ප්‍රසාද දීමනා වශයෙන් ලබාදීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
එම ලිපියේ පිටපත් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට හා ශ්‍රීලංගම සභාපතිවරයාට යොමු කර ඇත.
 



අදහස් (4)

ගමනාගමන සේවකයෝ ජනපතිගෙන් ප්‍රසාද දීමනාව ඉල්ලති

menna Tuesday, 11 December 2018 12:00 PM

ප්‍රසාද දීමනාත් දෙන්න, හොඳ බසුත් ගන්න. හැමදාම බසුයි කෝච්චියි ගේන්නේ ඉන්දියාවෙන්. ඒවායේ ගියාට පස්සේ හොඳ පණ ගීහිල්ලා.

:       0       0

wssantha Tuesday, 11 December 2018 12:48 PM

25000ක් නෙමෙයි, රපියල් 50000ක් දෙන්න වටිනවා.

:       0       0

prasad Tuesday, 11 December 2018 09:45 PM

මිනිසුන්ට ජිවන බර උහුලන්න අමාරුයි. මහන්සි වෙලා වැඩ කරලා ඔවුන් මේ මුදල් ඉල්ලන්නේ ආර්ථික අපහසුතා නිසානේ. මේක දුන්නම එන වසරේ තව මහන්සි වෙයි.

:       0       1

Chanak los angeles Tuesday, 11 December 2018 11:17 PM

එදා ඔහුගේ මැතිවරණයට බස්රට අරගෙන නොගෙවා ලංගමයට වංචා කර තිබෙන මිලියන ගණන අරගෙන ඔය සේවකයන්ට ගෙවන්න පුළුවන් නේද ? ඒ නඩුවට වුණ දෙයක් නැහැ ? ඔය වගේ රජයේ දේපොළ අවභාවිත කරපු නායකයන් නේද රටේ පාලනයට නැවත ගෙනෙන්න වලිකන්නේ ? ලැජ්ජයි ලැජ්ජයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1306 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 472 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site