(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාව සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වීය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් යන මහත්වරුන් සමග විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ හානිය සදහා රුපියල් මිලියන 720ක වන්දි මුදලක් මේ වන විට මහ බැංකුවට ලැබී ඇති බවත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන් රුපියල් මිලියන 420ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති බවත් ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා මෙහිදී සදහන් කළේය.
සාගරයේ ගිලී තිබූ නෞකාවේ තිබූ කන්ටේනර් ඇති ස්ථාන හදුනාගැනීම පිළිබදව කටයුතු කරමින් සිටින අතර, ඒ සදහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත් පවතින අයහපත්කාලගුණ තත්තවය එම කටයුත්තට යම් ප‍්‍රමාදයක් ඇති කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම වන්දි ලබා ගැනීමේ කි‍්‍රයාවලියේ නිතීමය කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර රක්ෂණ සමාගම සමග කටයුතු කරන බැවින් හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේදී අප රටට හිමිවිය යුතු හිමිකම්පෑම සදහා ජාත්‍යන්තර නිතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඇතිව එම නිතීඥ සමාගම තෝරා ගැනීම සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහඳපුර, ජනාධිපති නිතීඥ චන්දක ජයසුන්දර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගිනිගත් නැවේ හානිය ගැන සැකච්ඡාවට විපක්ෂ නායකත් එක් වෙයි
SUNIL MILANO Monday, 12 July 2021 07:54 PM
එලියට ඇවිල්ලා ඇදබාන ලොකු කෙප්පයක් හොඳේ...!!!
මුණසිංහ Tuesday, 13 July 2021 06:27 AM
ආණ්ඩුවේ ගැටේට අහු වුණා. දැං ඉතිං කට ඇරලා ඉවරයි.
shantha gamage Tuesday, 13 July 2021 06:29 AM
දැන් හිරුනිකා හිරු දිහා බලාගෙන ඇති... කොහොමද ඩීල්..? රනිල් තමයි ඩීල්.. මේවා චීල් නෙවෙයි. කන්න වුණාම තලගොයි මසුත් හොඳයි.
Bamunuarachchi Tuesday, 13 July 2021 07:48 AM
අරකට්ටිය පළාතට දාන්න එපා. අධිරාජ්‍යවාදී බහු ජාතික සමාගම් කියාගෙන වැඩේට බහීවි. වැඩේ එතැනින්ම හබක්...
නිමල් Tuesday, 13 July 2021 09:27 AM
මහත්මා ගුණයක්...!!!