(සිරංගිකා ලොකුකරවිට)
ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති වර්ෂාමාන දෙකකින් ඉහළම අගයක් වාර්තා වී ඇති බවයි.
එම දත්ත ලබාගෙන ඇත්තේ අද (15) සවස 4.30ටය. ඒ අනුව රත්ගම සිරිකඳුර වත්තෙ පිහිටා ඇති වර්ෂාමානයේ මිලිමීටර 182.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර හික්කඩුව, හෑගොඩ ප්‍රදේශයේ ඇති වර්ෂාමානයේ මිලිමීටර 154ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
ඊට අමතරව කොළඹ මට්ටක්කුලියේ මිලිමීටර 112.0 ක වර්ෂාපපතනයක් ද රත්මලානෙන් මිලිමීටර 103.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කර ඇත්තේ ඉදිරි කාලයේ දී ද තවදුරටත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවන බවයි.
අද (15) රාත්‍රී කාලයේ දිවයිනේ නිරිත දිග හා මධ්‍යම කඳුකර බෑවුමේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි බලාපොරෝත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd