IMG-LOGO

‘‘කාශ්මීර අර්බුදය න්‍යෂ්ටික යුද්ධයකට මුල විය හැකියි‘‘

කාශ්මීර අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්  මහතාඅවධාරණයෙන් ඉල්ලීය.

අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන අගමැතිවරයා එම ඉල්ලීම කළේය. කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදීකම් නිර්මාණය කරන ස්ථානයක් හා කරුණක් බවට පත්ව තිබේ.

එපමණක් නොව කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන කරුණක් බවට පත්ව තිබේ. කාශ්මීර අර්බුදය එසේ යුද්ධයක් දක්වා දිග්ගැස්සුණහොත් එය සමස්ත ලෝකයටම බලපානු ඇත.

“පළමු ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සංවිධාන රැසක් ස්ථාපිත කළා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේ සංවිධානවලට කතා කරනවා ඇරෙන්න අපට කරන්න වෙනත් දෙයක්, අපට කරන්න ගොඩක් දේවල් නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයට, චීනයට, රුසියාව හා යුරෝපා සංගමයට අපි මේ ගැන කිව්වා” යැයි පාකිස්තාන අගමැතිවරයා කීවේය.

“අවාසනාවකට හැමෝම ප්‍රශ්න දිහා බලන්නේ, විශේෂයෙන්ම ඇතැම් රටවල් දෙස බලන්නේ වෙළෙඳපොළ දිහා බලලා. ලොකු වෙළෙඳපොළවල්. ඉන්දියාව බිලියනයක ජනතාවගේ වෙළෙඳපොළක්. එහෙත් ලෝකය, ඔවුන් දැන් මැදිහත් වුණේ නැත්නම් ප්‍රතිඵල විඳින්න සිදුවෙන්නේ මේ උපමහද්වීපයට විතරක් නෙමෙයි. ලෝකයේ සම්පූර්ණ වෙළෙඳාමට මෙයින් බලපෑම් සිදුවෙනවා. මෙය හැමෝටම බලපානවා” යැයි අගමැති ඉම්රාන් ඛාන් කීවේය.

“ඉන්දියාව අඩු වැඩියෙන් හෝ කොහොමහරි සංහාරයක් කරනවා. ඔවුන් ජනතාව මත යම් විදියක වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. නාසි ජර්මනියෙන් පසු අපි එවැන්නක් දැක්කා කියලා මම හිතන්නේ නැහැ. කාශ්මීරයේ සිටින මිලියන අටක මුස්ලිම් ජනතාව දැන් සති හයක් තිස්සේ කොටුවෙලා. ඇත්තටම කිව්වොත් ඔවුන් කොටු කරලා.

ඉන්දියාව නීතිවිරෝධී ලෙස කරන අල්ලාගෙන සිටීමට යොමුවෙලා තියෙන අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න හදනවා. ඉන්දියාව කොහොම නමුත් සංහාරයක් කරනවා. ඒ වෙත යොමුවෙලා තියෙන අවධානය වෙනතකට යොමු කරන්න හදනවා. මේ තත්ත්වය නිසා කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර දරුණු අර්බුදයක් ඇති වෙන්න පුළුවන්.

පාකිස්තානයට ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් ඉන්දියාව කාශ්මීර අර්බුදය අමතක කරන්න උත්සාහ කරනවා. ඉන්දියාව පසුගිය පෙබරවාරි මාසයේදී කළෙත් එයමයි. කාශ්මීර තරුණයකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලල කළා. ඉන්දීය හමුදාවේ බස් රථයක් ඉලක්ක කරගනිමින් තමයි එම ප්‍රහාරය එල්ල වුණේ. ඉන්පසු ඉන්දියාව පාකිස්තානයට චෝදනා කළා. ඔවුන් අපට බෝම්බ ගැහුවා.

එය නැවත සිදුවේවී කියලා අපි බයෙන් ඉන්නේ. ඒ නිසා ඔවුන් කාශ්මීරයේ කරන දේ නිසා යම්කිසි ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් වෙන්න පුළුවන්. එතකොට ඔවුන් පාකිස්තානයට චෝදනා කරලා කාශ්මීරයේ සිදුවන සංහාරයට ලෝක අවධානය යොමුවීම වෙනත් පැත්තකට හරවාවි.

අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අර්බුදයක්, අවුල් සහගත තත්ත්වයක් නැහැ. මම කියන්නේ පාකිස්තානය කිසිදු අවස්ථාවක යුද්ධයක් ආරම්භ කරන්නේ නැහැ. මම සාමවාදියෙක්. මම සාමයට ලැදි පුද්ගලයෙක්. මම යුද්ධයට විරුද්ධයි. මම පැහැදිලිව කියන්නේ මේකයි. න්‍යෂ්ටික අවි ආයුද තියෙන රටවල් දෙකක් යුද්ධයකට ගියොත් ඔවුන් යුද්ධයකට ගියොත් එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වීමේ අවදානමක් තිබෙනවා” යැයි පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් කීවේය. 

055

 



අදහස් (1)

‘‘කාශ්මීර අර්බුදය න්‍යෂ්ටික යුද්ධයකට මුල විය හැකියි‘‘

SL Monday, 16 September 2019 05:16 AM

දුන්න තෑග්ග හින්ද ඉන්දියාවයි ,පකිස්තානෙයි ආදරයෙන් ඉන්නවා.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site