IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


‘‘කොවිඩ් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හදුනාගත්තා‘‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ඩිජිටල්කරණය මත රඳා පවතින බව වඩාත් පැහැදිළි බවත් ‘කොවිඩ්’ ව්‍යාප්තියත් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හොඳින් වටහා ගැනීමට හැකිවූ බවත් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් වසංගතයෙන් නිදහස් වන විට ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය සමග ගණුදෙනු කිරීමට සූදානම් වියයුතු යැයි කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ගමේ ජනතාවට ඩිජිටල් උපාංග හරහා ගනුදෙණු කිරීමට අවකාශය නිර්මාණය කිරීමෙන් එම ඉලක්කය යථාර්ථයක් බවට පත්වන බව ද සඳහන් කළේය.

හැදුනුම්පත ඩිජිටල් කර සියලු තොරතුරු අන්තර්ගතකර කොපමණ ඩිජිටල්කරණය කිරීමට උත්සහ කළත් හැදුනුම්පත මූල්‍ය ගණුදෙනු සඳහා පහසුකම් එකතු කරන්න බැරි වුවහොත් එහි ප්‍රයෝජනයක් නොමැති බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (7)

‘‘කොවිඩ් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හදුනාගත්තා‘‘

yohan perera Saturday, 13 November 2021 10:40 AM

වට්ස් ඇප් එකවත් දාගන්න බැරිව දහදුක් විඳිනවා මිනිස්සු... කයිය විතරයි...

:       0       13

ප්‍රේමසිරි Saturday, 13 November 2021 11:15 AM

යහපාලනය පැවති කාලයේ මුලින්ම ඩිජිටල් ඇමති කෙනකු පත්කර කටයුතු කරන්න පටන්ගත්තේ රනිල් අගමැතිතුමා... එහි ප්‍රතිඵලයක් ලෙසට ඔහුගේ පක්ෂය අන්ත පරාජයට පත්වුණා.. ඒ කාලේ මහදවල් මහ බැංකුව මංකොල්ල කෑවා කියපු අයම බැඳුම්කර වංචාව වෙනුවෙන් තැන්පත්ව තිබුණු මුදල් රාජසන්තක කර පාඩුව වසා දමනවා.. ඕක තමයි කියන්නේ කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නැහැ කියලා...

:       2       16

Upali Saturday, 13 November 2021 02:07 PM

ඩිජිටල් ඵකේ චැදගත්කම නම් අපි දන්නවා. හැබැයි ඇමතිගේ කෙරුවාව තමයි සැක.

:       1       14

Kuttiarachchi Saturday, 13 November 2021 02:19 PM

අනාගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති අපි අනාගත ජනාධිපතිට ජයවේවා...

:       23       4

Kumara Saturday, 13 November 2021 10:12 PM

කට්ටියට දැන් රෑ දවල් මාරුවෙලා වගේ... අනේ පවු...

:       0       1

ගමේ එකාලා Sunday, 14 November 2021 01:52 AM

හොරට ලියලා විභාග පාස් වෙනහැටි වෙන්ඩ ඇති දැනගෙන තියෙන්නේ...

:       0       1

Sriland Sunday, 14 November 2021 12:26 PM

කොරෝනා ප්ලෑන් එකේ කොටස් 03ක් තියෙනවා.. 1. බටහිර බෙහෙත් ව්‍යාපෘතිය, 2. ඩිජිටල්කරණය ඔන්ලයින්... 3. ලෝකයම පාලනය කිරීම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site