ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකටයුතු ධීවර යාත්‍රාවක තිබී මේවා සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.
පරීක්ෂණ කටයුතු සදහා එම යාත්‍රාව මේවනවිට ගාලු වරායට රැගෙනවිත් ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට
ravi Friday, 12 July 2019 06:03 AM
කුඩු කිලෝ හැටක් (60) කියන්නේ .. මනුස්සයෝ ලක්ෂයක් ( 100.000 ) එතනම විනාශ කල හැකි ආයුධයක් ... තාම අපේ වගකිය යුත්තෝ මේවගේ ගණන් හදන්න ඉගෙනගෙන නැති බවයි පෙනෙන්නේ .. කියව ..කියව ඔහේ එල්ලිලා ඉන්නවා !
abaran Friday, 12 July 2019 06:18 AM
ඡන්දයක් ඇත ළඟ තියෙද්දී මේ වගේ දේවල් නොකර ඉන්ට තේරෙන්නේ නැද්ද මන්දා.....
sarath Friday, 12 July 2019 08:24 AM
අවු 15-18 අතර විතරක් කොල්ලෝ කෙල්ලෝ 115 ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා.
de silva Friday, 12 July 2019 11:45 AM
දැනට මරණෙට නියම වෙලා ඉන්න කුඩු මුදලාලිලා 13 දෙනා එල්ලලා දැම්මා නම්.., මේ වගේ කුඩු බිස්නස් කරන්න බෝට්ටු වලින් ලංකාවේ හතර මායිමකට එන එකක් නැහැ. මේ නඩුව ඔප්පු කරලා මොවුන් ටික හිරේ යැවුවත්, මේ 9 දෙනාගේ ජීවිතය අවසන්වන තෙක් කෑම බිම, බෙහෙත් වැනි දේවලට වියදම් කරන්න වෙන්නේ ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල්... ඊට පස්සේ හිරේ ඇතුලේ ඉන්න ලංකාවේ කුඩු මුදලාලිලාත් එක්ක සෙට් වෙලා ජංගම දුරකථන මාර්ගයෙන් ජාත්‍යන්තරව කුඩු ජාවාරම ජයටම කරගෙන යාවි... මේ ව්‍යවසනයෙන් රට බේරගන්න කුඩු කාරයින්ට අධිකරණයෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක හැර වෙන විකල්පයක් නොමැත.
Chandima Friday, 12 July 2019 12:04 PM
ඔය නැව වෙන්දේසි දාන්න...
RavinduSaturday, 13 July 2019 03:20 AM
දත් ගලවන එක්කෙනෙක් ඉන්නවා.. වෙන්දේසියෙන් අරගන්න.
de silva Saturday, 13 July 2019 12:23 PM
ඔය පින්තුරේ තිබෙන්නේ කුඩු ගෙනාපු බෝට්ටුව නොවේ.. මට හිතෙන විදිහට ඔය බෝට්ටුවට අයිතිවාසිකම් කියන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නැහැ. කවුද කැමති හිරේ යන්න.