(එච්.චන්දන)
පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ මුහුදු තීරයේ මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.
ඉකුත් සති අන්තයේ ඩෝපින් නැරඹීමට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ සිටියහ.
කල්පිටියේ සිට නොරොච්චෝලේ දක්වා මුහුදු තීරයේ බොට්ටුවකින් මද දුරක් ගිය විට මෙම ඩොල්පින් මසුන් දැක ගත හැකිවේ.
ඩොල්පින් රංචු ලෙස හා තනි තනියෙන්ද මහ මුහුදේ විවිධ ස්ථානවල සැරිසරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින් ඇතුළු මත්ස්‍යන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් සකස් කළයුතු වෙයි. මෙම පින්තුරවල දක්නට ලැබෙන ආකාරයට මසුන් දැක බලාගන්නට යන බෝට්ටු එම සතුන් ගෑවෙන නොගැවෙන තරමට කිට්ටුවට යන බවයි පෙනෙන්නේ. මෙය කිසිසේත්ම අනුමත කළහැකි දෙයක් නෙවේ. වෙන රටවල සංචාරකයින් තල්මසුන් හෝ ඩොල්ෆින් මසුන් නැරඹීමට ගෙන යන බෝට්ටු සඳහා බුරුලක් නැති නීති ක්‍රියාත්මක කරනු ලබයි. බෝට්ටු හිමියන්ද මෙම සතුන්ගේ වටිනාකම දන්නා බැවින්ද ඔවුන්ගේ ජීවනෝපාය රැඳී පවතින්නේ මේ සතුන් ඉන්නා තුරු පමණක් බව දන්නා බැවින්ද එම නීති අකුරටම පිළිපදිනු ලබයි. ඒ රටවල පවත්නා නීති අනුව මේ සතුන් ඉන්නා ස්ථානවලට යාමේදී නියමිත දුර ප්‍රමාණයකින් බෝට්ටු පැදවිය යුතු වෙයි. මේ පින්තුරවල පෙනෙන ආකාරයට එම සතුන්ගේ ළඟටම යාමට කිසිම අවසරයක් ලැබෙන්නේ නැත. තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් මුහුදේ ඉන්නේ සංචාරකයින් පිනවීමට නොවන බව කවුරු කවුරුත් වටහාගෙන ක්‍රියා කළයුතු වෙයි. මේ අපේ තවත් ජාතික සම්පතක් බවද වටහා ගත යුතුය.