IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ විජිත් මළල්ගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අතර එහිදී පෙත්සම ෂලකා බැලීම මෙදිනට කල් තැබිණි.

 

ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට චෝදනා එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී.

 

හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 

මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳව තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් බී වාර්තා 3 ක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

 

මෙම චෝදනා සම්පූර්ණ අසත්‍යයක් වන බවත්, මේ නිසා තමන් කිසියම් මොහොතක අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි ද පෙත්සමේ සඳහන්වේ.

එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැව් ප‍්‍රකාශ කරන ලෙසද, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ප‍්‍රවාහන අමාත්‍යවරයා පෙත්සමේ සඳහන් කර ඇත.

 

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නලීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමීණී මාරපන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.



අදහස් (1)

කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

sirimal Tuesday, 16 October 2018 08:48 AM

අවුලක් නැහැ. වැඩ සිද්ධවේගන යන පිළිවෙලට ඊළඟ නඩු දිනේ වෙනකොට ආණ්ඩු බලය කවුරු අතේ තියෙයිද කියල කියන්න පුළුවන් කාටද නේද මහත්තයෝ? අපටනම් ආරංචි ඊළඟ ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් එන්නේ ඔය දැන් කතා බහ කෙරෙන කවුරුවත් නෙවේ හැම අවුරුද්දෙම ජුනි ජුලි වෙනකොට ජිනීවා පැත්තේ ගිහින් වැඩ කිඩ පෙන්නලා නමක් හදා ගෙන ඉන්න දුෂණ භීෂණ කිසිවකට ( තවමත් ) නම ගෑවිලා නැති රණ විරුවෙක් කියලයි. එයා දිනුවට පස්සේ අවශ්‍ය නීති රීති වෙනස් කරගෙන හිටපු පවුලම සිංහාසනා රූඩ කරන්නලු දැන් හිතාගෙන ඉන්නේ. එහෙම උනොත් සේරම ගොඩ කියලයි කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1382 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site