IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


කාබන් බද්ද අහෝසි කෙරේ

(රංජන් කස්තුරි)

මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.

කාබන් බද්ද අහෝසි කිරීමේ යෝජනාව ලබන බදාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාදී ඇති පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස එම පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා කීය.

මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන හා අයවැය යෝජනාවකට අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට කාබන් බද්දක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබිණි.

කාබන් බද්ද වසර 5 ට අඩු , වසර 5 – 10 දක්වා සහ වසර 10 ට වැඩියෙන් භාවිත කළ වාහන සඳහා කාණ්ඩ තුනක් යටතේ කාබන් බද්ද පැනවිණ.

 

 



අදහස් (41)

කාබන් බද්ද අහෝසි කෙරේ

Bamunuarachchi Thursday, 17 October 2019 02:12 PM

එතකොට ගිය මාසේ අපි කාබන් බද්ද ගෙව්වා. එය ආපසු දෙනවද? මොකක්ද මේ අයගේ හතර බීරි වැඩ?

:       35       752

චමින්දFriday, 18 October 2019 12:26 AM

2019 වසරේ ආදායම් බලපත්‍ර ගාස්තුව සමග අයකල කාබන් බද්ද 2020 වසරේ ආදායම් බලපත්‍ර ගාස්තුවෙන් අඩුකර දෙන්න

:       41       156

chinthakaTuesday, 22 October 2019 10:23 AM

ගෝඨව දැකලා දැම්මම බදු අඩුකරන්න තරම් සෙට් එක බය වෙලා. පව් මේගොල්ලෝ අපහු බලයට අවොත් මේ බද්ද ඇරියසුත් එක්ක ගන්න ඉඩ තියනවා. ඒක නිසා ලබන 16 වෙනිදා සදහටම බදු අඩුව තියාගන්න ගෝඨා පත්කර ගනිමු.

:       0       0

Bamunuarachchi Thursday, 17 October 2019 02:15 PM

ගොවි මහතුනී ඔන්න කාබන් බද්ද අයින් කලාලු. වයි ෆයි ලැබුණා.. රත්තරන් චේන්, බ්‍රේස්ලට් ලැබුණා.. කට්ටිය දැන් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ වැඩ...

:       283       580

රනිල්Thursday, 17 October 2019 03:52 PM

රජාගෙ පරන ණය ටිකත් ගෙවුවා

:       292       173

BamunuarachchiFriday, 18 October 2019 04:59 PM

රජා නොසිටින්න තුම්සේලා මේ වනවිට ණය ගෙවන්නේ ප්‍රභාකරන්ගේ පුතාට...

:       1       28

Amila Thursday, 17 October 2019 02:16 PM

ඒක නම් ලොකු දෙයක්. මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව බදු සහ දඩ ගන්න ක්‍රම හදාගන්න. මොන ආණ්ඩුත් කටයුතු කරන්න ඕනෑ. මොකද අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. මෙහෙත් තාක්ෂණය ගොඩක් දුරට තියෙනවා. ඒවා පාවිච්චි කරලා මිනිස්සුන්ගේ කාලය ඉතුරු කරන්න ඕනෑ.

:       127       272

Aminda Thursday, 17 October 2019 02:18 PM

යකෝ මෙන්න ගුලි දෙනවා හෝ ගාලා..., ඒ කියන්නේ කාබන් බද්ද අහෝසි කරනවා කියන්නේ මේක අනවශ්‍ය දෙයක්..., එහෙම නම් අපෙන් ගත්ත කාබන් බදුමුදල් අාපහු දීපල්ලා..

:       50       447

Prabha Thursday, 17 October 2019 02:36 PM

ඡන්දයක්ම එන්න ඕනේ මොවුන්ට ජන දුක දැනෙන්න.

:       0       160

dinesha Thursday, 17 October 2019 02:38 PM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       0       116

ගල්කටස් Thursday, 17 October 2019 02:49 PM

අැත්තටම ලංකාවේ මිනිසුන්ව මෙහෙම බාල්දු කරන්නේ අැයි..? හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන් ගොන්නු කියලද..? මේවා කලින් කළා නම් කොච්චර වටිනවද ...? දැන් කරන්නේ අැයි කියලා ජනතාව දන්නවා... සජිත්ගේ නිරුවත දැන් පෙනවා

:       62       924

රජින්ද Thursday, 17 October 2019 03:07 PM

ඔය සෙල්ලම් ඔක්කොම දාන්නේ ආණ්ඩුව දන්නවා ප්‍රතිඵලේ මොකක්ද කියලා. බලන්න මොවුන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමග සෙල්ලම් කරන ආකාරය. ඡන්ද ගුණ්ඩුවලට කලින් එක එක බදු ගහනවා. නැතිනම් මිල වැඩි කරනවා. ජනාධිපතිවරණය ළඟ ළඟම ඒ වැඩිකරපු බදු අයින් කරනවා.. බඩුවල මිල පහත දානවා. මෙහෙව් ඡන්ද අල්ලස් දෙමින් මංගල සමරවීර ඔවුන්ගේ අපේක්‍ෂකයාට ජන්ද හිඟාකනවා. මෙවර දැවැන්ත වෙනසක් වෙනවා. පිටරටවලින් අසාමාන්‍ය විදිහට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ මව් රටට එනවා ගෝඨා දිනවීමට. ඒ නිසා අර යාපනේ ගුවන්තොටුපලක් හදලා ඒ ඡන්ද ටික ගන්න දැඟලුවට සිංහල ඡන්ද බහුතරයකින් ගෝඨා දිනන බව හැමෝම දන්නවා...

:       151       2047

RohanaThursday, 17 October 2019 06:16 PM

ගෝඨා ආවත් බදු නැතිවෙන්නේ නැහැ. මොකද බදු නැතිව ආණ්ඩුවක් ගෙනියන්න බැහැ.

:       213       28

රජීව පීරිස් Thursday, 17 October 2019 06:41 PM

ගෝඨාභය රාජපක්‍ෂ සල්ලි දෙනවද පිටරට වැඩ කරන අයට ලංකාවට ඇවිත් ඡන්දෙ දෙන්න කියලා.. එහෙම නම් මමත් ඇවිත් සජිත්ට ඡන්දය දෙනවා. මිනිස්සු ගොනාට අන්දන කතා කියන්න එපා.

:       152       24

Dilan Thursday, 17 October 2019 03:08 PM

මේක ඡන්දෙට අල්ලස් දීමක්... අපේක්ෂකයා දිනන්නත් කලින් කොහොමද පොරොන්දු ඉටු කරන්නේ? මේක කරලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ රජය යටතේ... මුදල් අමාත්‍යවරයා ප්‍රකාශය නිවැරැදි කළයුතුයි.

:       1       320

BANDARA Thursday, 17 October 2019 03:12 PM

ඡන්ද ගුණ්ඩු... මිනිස්සු මෝඩයන් කියලද දන්නේ නැ හිතන් ඉන්නේ...

:       3       422

jayajaya Thursday, 17 October 2019 04:03 PM

මෙවැනි දේවලුත් මැතිවරණ නීති උල්ලංඝනය කිිරීම් නොවද, ඒ දවස්වල කීව සිල් රෙදි බෙදුව කියල දැන්.....................

:       0       267

Jayampath Thursday, 17 October 2019 04:45 PM

ඡන්ද ගුන්ඩුවක් හරි මොනවා හරි කමක් නැ මෙම බදු ඉවත් කරලා මහජනතාවට සහනයක් ලැබෙනවානම්. මෙ සහනය ලැබෙන්නෙ එජාප අයට පමනක් නොවේ. රටෙ සියලු වාහන හිමියන්ටයි කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න. විරුද්දව කොමෙන්ට් දාන්නෙ ඇයි

:       323       18

NImal Thursday, 17 October 2019 04:47 PM

වාහනයක බලපත්‍රය ලබා ගැනීමට නම් දුම් සතියක ලබාගත යුතු වෙනවා. වාහනය පරික්ෂාවකට බාජනය කර කර එය ලබා ගත්තාට පසුවත් තවත් කාබන් බද්දක් ගහන එක මොනතරම් අපරාධයක්ද. වාහනවල බදු අහස ඉහලට ඉස්සුවා. සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න එක හීනයක් පමණක් වුනා. හයිබ්‍රිඩ් වාහන නිසා තෙල්වලට පිට රටට යන මුදල් අඩු කරගන්න පිළිවන් වෙන නිසාවත් ඒවා මිලදී ගන්න ජනතාව උනන්දු කලේ නැහැ ඒවාටත් අහස උඩට බදු ගහලා. ඒ නිසාම ජනතාව පරණ වාහනයම කෙසේ හෝ අමාරුවෙන් හදාගෙන පාවිච්චි කරනකොට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කාබන් බද්දකුත් ගහන්න පටන් ගත්තා. මෙහෙම හරි මේ අපරාද නතර කරන එක ජනතාවට යහපතක් වෙනවා.

:       0       194

siri Thursday, 17 October 2019 04:55 PM

ඡන්දයක් එන්නම ඕනේ මේ අයගේ ඇස් ඇරෙන්න. අනික සජිත්ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් දැන්ම කොහොමද ඉටු කරන්නේ?

:       0       290

Ruwan RFriday, 18 October 2019 04:49 AM

මේක තනිකර මැතිවරණ නීති උල්ලංගනය කිරීමක්. මැ. කෝ. නිදිද?

:       1       322

රංග Thursday, 17 October 2019 05:08 PM

ඒ වුනාට කාබන් පෑනෙන් අත්සන් කරපු කෙනාට බිලියන ගානක දේපලකට අනුමැතිය දුන්නා.

:       0       113

සනත් වීරකෝන් Thursday, 17 October 2019 05:45 PM

මගේ ඡන්දෙත් සජිත්ට තමයි.

:       594       190

Rohana Thursday, 17 October 2019 06:10 PM

දැන් එතකොට මොටෝර් රථ වලින් පරිසරයට කාබන් මුදාහැරීම 23 පස්සේ නැති වෙනවද. ආණ්ඩුවට ආදායම් ගන්න මෙවැනි අතාර්කික බදු පනවන්නේ මොකද. දැනට බදු ගෙවපු අයට බද්ද ආපසු දෙනවද?ආණ්ඩුවට බදු ප්‍රතිපත්තියක් නැද්ද?අරය මෙයාගේ ඉල්ලීම්වලට බදු පැනවීම හෝ ඉවත් කිරීම මගින් පෙන්වන්නේ ආණ්ඩුව කිසිම සැලසුමක් නැතිව කරන්නන් වාලේ හිතෙන හිතෙන හිතෙන වෙලාවට ජනතාවගේ පොකට්ටුවට විදින බවයි.

:       2       234

RAVINDRA Thursday, 17 October 2019 07:27 PM

අපි ගෙවපු 2800 ආපහු දෙනවද එහෙම උනාම ඔක්කොම දැන් ඡන්දෙ ලං වෙනකොට මේ සැරේ ලක්ෂ හතලිහක් ගත්තොත් ලොකු දෙයක් මේ ආණ්ඩුව

:       1       325

Bamunuarachchi Thursday, 17 October 2019 11:31 PM

මේ අයම කාබන් බද්ද දාලා මොවුන්ම බද්ද අයින්කරගෙන අපෙන් බද්ද අයින්කලාට ඡන්දෙ ඉල්ලනවා.

:       36       42

gunarathna Friday, 18 October 2019 01:27 AM

පුලුවන්නම් ගුරුකන්දේ විහාරේ ප්‍රශ්නේ විසදන්න.

:       0       342

අනුර Friday, 18 October 2019 01:44 AM

මැතිවරන කොමිසම මේක කොභොම නිර්වචනය කරයිද දන්නෙ නැහැ. මොකද මෙය එක් ජනාධිපති අපේක්ෂකයෙකුගෙ ඡන්ද පොරොන්දුවක්නෙ.

:       0       365

Bayagota Friday, 18 October 2019 02:22 AM

රජයේ දෛනික ආදායම බිලියන 200යි. වියදම බිලියන 400යි. බිලියන 200ක් හිඟයි, අවුරුද්දට බිලියන 73000ක් ණය වෙනවා, එත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ සල්ලිත් අපිම තමයි ගෙවන්නේ කියලා, අරක මේක දෙන්න කියල ඉල්ලනවා, ඡන්දේ බලාගෙන දේශපාලකයන් පොරොන්දු දෙනවා, 3.50 පාන් ගන්නත් ඡන්දේ දීපු මිනිස්සු, හොයල බැලුවොත් ඒ 3.50 පාන් වලට තාම ණය ගෙවල ඉවර නැතිව ඇති, එක කාලයක එක ආණ්ඩුවක් තිබ්බ පටි තද කරගන්න කියල අවංකවම කියපු, ඒ ආණ්ඩුව මිනිස්සුන්ට රස්සා දුන්නේ නැ, පඩි වැඩි කලේ නැහැ, එත් මිනිස්සු තේරුම් ගත්තේ නැහැ ඒ අමාරු දුෂ්කර පිළිවෙල තමා රට හදන විදිහ කියල, විරුද්ධ පක්ෂේ උදවිය කිව්වා අපි ආපු ගමන් 40,000 උපාධිධාරීන්ට රස්සා දෙනවා කියල, ඒ අයට බලය ලැබුනා, ආපහු සුපුරුදු පරිදි කෙළවරක් නැති වියදම්, අර අවංකව ඇත්ත කියපු නායකයට පක්ෂේ අයත් විරුද්ධ වුනා, දැන් ඔහුටත් මිනිස්සු කියන දෙයට විරුද්ධ වෙන්න බැහැ, රටේ අවාසනාව.

:       127       1

Bayagota Friday, 18 October 2019 02:24 AM

සජිත් ආවම, ගෝඨා ආවම අනුර ආවම හිස්බුල්ලා ආවම රට වෙනස් වෙනවා කියල හිතාගෙන ඉන්න අහිංසක මෝඩයොත් ඉන්නවා, ඒත් ඇත්ත තමයි මිනිස්සුයි වෙනස් වෙන්න ඕන, එතකම් මේ රට හැදිල්ල බොරු, නොමේරුණු පොඩි ළමයි වගේ මනසක් තියෙන උදවිය හිතනවා ගෝඨා ආවම ඉස්කෝලේ සැර පරුෂ විනය භාර සර් වගේ රට හදාවි කියලා, එත් ඒ උදවියට මතක නැහැ ඒ සර් ට අපි කොයි තරම් වෛර කලාද කියලා. කරුණාකරලා මේ පාරවත් තියෙන ඇබිති මොලේ පාවිච්චි කරන්න.

:       103       161

athuraFriday, 18 October 2019 04:09 AM

අන්න කතාව.

:       0       3

Pravi Friday, 18 October 2019 02:49 AM

දැන් එතකොට කාබන් බද්ද ගැහැව්වේ අපිද ?

:       24       20

lalithm Friday, 18 October 2019 02:59 AM

ඔය කවුරු ආවත් අපි වැඩ කරලා හම්බ කලොත් බඩ කට පිරේවි. කවුරුවත් අපිට නිකම් මුදල් දෙන්නේ නැහැ ජීවත් වෙන්න. අපි ගෙවන බදු තමයි ඔය සහනාධාර කියා කියා බෙදන්නේ

:       0       31

sena Friday, 18 October 2019 03:09 AM

ඡන්ද කාලෙට වාහන වලින් පිටවෙන් දුම මිනිස් සිරුරට අහිත කර නැහැ . එකී කාබන් බද්ද අයින කලේ . මේවා චන්ද ගුණ්ඩු කියල හිතන්න එපා හරිද .

:       1       25

ගගනසිරි Friday, 18 October 2019 04:02 AM

හුරෙ.... සජිත්ට ජය වේවා

:       20       37

nimal Friday, 18 October 2019 04:45 AM

සජිත්ට ජය වේවා....!!!

:       21       1

Dumudu kariyapperuma Friday, 18 October 2019 10:01 AM

පොරොන්දු දේශපාලකයින්ට තිත තියන්න ඕන කාලය ඇවිත්. මේ රටේ මිනිස්සු ගොන්නු කියලද මහජන නියෝගිතයෝ හිතන්නේ.

:       0       2

බදුගල Friday, 18 October 2019 03:21 PM

පරණ වාහන වලට කාබන් බද්ද හෝ වෙනත් බදු අවශ්‍ය නැහැ. දුම් පරීක්ෂණයෙන් හොයලා බලා වාහනය නිවැරදි තත්වයට ගෙනාවම ඒ ඇති. කාබන් බද්ද කියන්නේ මෝඩ තීරණයක්. මෝඩයෝ රටක පාලනයට පත්උනාම මේ වගේ මෝඩ දේවල් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ තීරණ වෙනුවෙන් තප්පුලනවා මේ තීරණය කාබන් බද්ද වෙනුවෙන් කතා පවත්තපු උගත් අයට දැන් මොනවද කියන්න තියෙන්නේ

:       0       1

chinthaka Friday, 18 October 2019 07:04 PM

සනත් වීරකෝන් හරිම සන්තෝසයි. මේ අය දැන් කරන්නෙත් ඔය වගේ මෝඩ මිනිස්සුන්ට කැරට් අල බෙදන එක තමයි...!!! උඹලා වගේ මෝඩයින් නිසා තමයි අපිට දැන් කෙලවෙලා තියෙන්නෙත්...!!!

:       0       0

mahjanathawa Saturday, 19 October 2019 10:02 AM

ලංකාවේ නීති හදන්නේ ගොන් රැලක්... මේ ගොන්නු අලුත් වාහනයටත් කාබන් බද්ද ගහනවා. ඇමරිකාවේ නම් අවුරුදු 10ට වැඩි වාහන පමණයි දුම් පරීක්ෂණයට බඳුන් කරන්නේ... ලංකාවේ අලුත් වාහනයක් මාස 12 ට පසු දුම්පරීක්ෂා සහතිකයක් ගන්න ඕනෑ. ඊටත් වැඩියෙන් කාබන් බද්දකුත් ගැහැව්වා. දුම් පරීක්ෂණයට කොකා පෙන්නා දුම් දමදමා යන පැරණි වාහන ඕනි තරම් තිබෙනවා. අල්ලන්නේ නැහැ. විශේෂයෙන්ම බස් රථ... පොලීසියේ හා දේශපාලකයින්ගේ දුම් දමන බස් ඕනෑතරම් පාරේ යනවා. නීතිය ඔවුන්ට අන්ධයි.

:       1       15

bduge Saturday, 19 October 2019 10:15 AM

මෙවැනි ගොන් බදු පැනවූ දේශපාලන පක්ෂයකට නැවත ඡන්දය දෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
2025 මාර්තු මස 20 374 0

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු


පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක්
2025 මාර්තු මස 20 70 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 1120 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 1165 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 394 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1522 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 433 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 990 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site