(රංජන් කස්තුරි)
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන ණය ආපසු අයකර ගැනීම අතුහිටුවන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකුවලට දැනුම් දී තිබේ.
ඒ අනුව රුපියල් කෝටි 30 දක්වා ණය ලබාගෙන සිටින කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවත දැනුම් දෙනතුරු ණය වාරික ගෙවීමට සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා ලබාදුන් සහන පැකේජයේ අඩංගු සහනයක් ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම තීන්දුව ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.
බැංකු ලබාදී ඇති ණය හා සම්බන්ධව ඉදිරියේදී එම බැංකුවලට සහන සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් පෙරට යන ලකුණු නෙමේ.. මේ ආපස්සට යෑමක්. මෙහෙම කරන්නේ කොහොමද? ලෝකෙන් ණයට අරගෙන රටේ ජනතාවට බෙදලා දෙන්න තරම් නියමිත පොලියකට නොදී මේ වැඩ කරන්නේ කොහොමද? මේ මුදල් ලබාගෙන තියෙන්නේ පක්ෂයේ හිතවත් පිරිසද? දුප්පත්ම රටක් මේ විදියේ තීරණ ගන්නේ තමන්ට බලයේ ඉන්න ඕනෑ නිසාද? මේ රට විකුණන්න වෙන්නේ නොමිලේ දෙන දීමනා නිසා.. මිනිසාට මහන්සි වී වැඩකර මුදල් උපයන හැටි කියාදෙනවා.. වෙනුවට නොමිලේ කන්න පුරුදු කරනවා නොමිලේ පොහොර දෙනවා කියන්නේ ඕවට...
මේ මොකක්ද කරන්නේ? බැංකුවක් කියන්නේ එකතැන නවත්තලා තියන්න පුලුවන් ගල්රෝලක් නෙවෙයි. තැන්පත්, අත්තිකාරම් සහ අයකිරීම් යන දැති රෝද තුනක් ඇති සදාකල් දුවන යන්ත්‍රයක්... එක රොදයක් ගැලෙව්වොත් බකස්, මෙහෙම හිතන්නවත් නරකයි. විජේතුංග 1990 දී රාජ්‍ය බැංකු ගැන කියපු කතාවට වඩා හානියක් එදාට වඩා කව්ද මෙච්චර සහන ඉල්ලුවේ? සුළු පරිමාණ අසාර්ථක ව්‍යවසායන් වෙනුවෙන් යමක් කිරීමට වඩා මෙහි සහනය කාටද? මෙහි අරමුණ කුමක්ද?
මෙම තීරණය නම් එතරම් රට හිතකර තීරණයක් නොවන බව කිව යුතුයි. අප විස්වාස කරනවා අඩු වශයෙන් කළයුත්තේ ගෙවීම් කිරීමට සහනයක් සැලසීමයි.
මේ තීරණයට නම් එකඟ වෙන්න අමාරුයි. ණය සම්පූර්ණයෙන්ම අයකිරීම නවත්වන්නද කියන්නේ? මේ අපොයි බැංකුවලට අබ සරණයි.
අපරාදෙ ....! මේ දේ සිද්ධ වෙන බව දන්නවා නම් මොන උප්පරවැට්ටියක් හරි දාලා කෝටි 30ක සුලු ණයක් ගන්නවා. නුවණැත්තෝ නැන පමණින් මෙය වටහා ගනිත්වා...!
අනේ පව්... නැති බැරි මිනිස්සු. කෝටි විස්ස තිහ අරන් අපිව ගොඩදාන්න බලන කොට ආණ්ඩුව පොඩි සපෝර්ට් එකක් දෙනවා. අනිත් මිනිස්සු පිස්සු කතා කියනවා. අපි දැන් පිටරටට ණයට මුදල් දෙන ක්‍රමයක් හදන්න යන්නේ පොඩ්ඩක් ඉන්න... මේ දවස්වල බැංකුත් එක්ක කතා කරගෙන යනවා.
මේ දේ මම වැරැද්දක් දකින්නේ නැහැ. මොකද මේ රටේ ගොඩක් අය ඉන්නවා ණය අරගෙන ව්‍යාපාරවලට ගන්නවා. නමුත් ව්‍යාපාර වැටිලා. පොළිය ණය මුදලට වඩා දෙගුණයක් වැඩියි.
ජනතාවට මාළු දෙන්න එපා. බිලීපිති දෙන්න මාළු අල්ලන් කන්න. ණය වාරික කල් දැම්මට බැංකු අයකෙරෙන පොළිය නවතින්නේ නැහැ. මීටරේ දුවනවා. අන්තිමට පාඩුව ණයගත් අපිටමයි.
මම බැංකුවක කළමනාකරුවෙක්... පනින රිළවුන්ට ඉනිමං දුන්නා වගේ.. මූල්‍ය බැංකු පද්ධතිය කඩා වැටෙන්නත් හේතුවක්. මූල්‍ය ගැන දැනගෙනද මේවා කරන්නේ...? තනිකරම ඡන්දය දිහා බලාගෙන කරපු වැඩක්.. මූල්‍ය ආයතනවලට ජාත්‍යන්තර රේටින් ක්‍රමයක් තියෙනවා. ඒ අනුව දීපු ණය අය නොවී තියෙද්දී, නොගෙවා සිටින ණය වැඩිවෙද්දී ඒ වර්ගීකරණයට අනුව ආයතන පහළට වැටෙනවා. කවුද ඒවාට වග කියන්නේ? මේ නිසා රට පල්ලම් බහිනවා විතරක් නෙමෙයි.., ණය නොගෙවා ඉන්න හොරුන්ට හොරකම් කරන්න නීතියේ පිහිට දුන්නා වගේ වැඩක්.. මේ රටට මේ විදිහට ගොඩ එන්න බැහැ.
ජනාධිපති ගරු ගෝඨාභය මැතිඳුනි, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිඳුනි, මේ සුළු ව්‍යාපාරිකයින්ගේ ණය අත්හිටුවන්න ගත් තීරණයට ඔබ දෙපලට මහත් පිනකි. සුළු ව්‍යාපාර මේ වනවිට බිංදුවටම වැටිලා ඉවරයි. අත දෙන්න කිසිම කෙනෙක් නෑ. එවන් මොහොතක ඔබ දෙපල ගත් මේ තීරණයට අනේක වාරයක් පින් දෙමි. මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටි අපට මේක මහත් අස්වැසිල්ලක්. අපේ ව්‍යාපරය නැවත දියුණු වූ පසු අප මේ මුදල් ගෙවමි. අසරණ අපි වගේ සුළු ව්‍යාපාරිකයින්ට මේ මොහොතේ පිහිට වුණාට නැවත වරක් පිං දෙමු.
ඉතා තියුණු දුරදිග ගැන සිතාගත් නිවැරදි තීරණයක්. මෙමගින් දේශීය ව්‍යවසායකයින් දිරිමත් වන අතර ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවන තත්වයද යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇත. ලෝකයේ දියුණු වූ බොහෝ රටවල මූලය වුයේ ස්වදේශික ව්‍යවසායකයින්ව කොන්දේසි විරහිතව රාජ්‍ය අනුග්‍රහයෙන් දිරිමත් කිරීම නිසාවෙනි. එහෙයින් පසුගිය ආණ්ඩු වලට වඩා ඉක්මණින් මේ ආණ්ඩුව ගත් මේ තීරණය අතිශයින්ම අගය කළයුතු ප්‍රශංසනීය පියවරකි.
ඔබ දෙපලට මහත් පිනක්. රටක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අත දීම මහත් පිටුවහලකි. ණය ගෙවාගන්ඩ බැරිව මහත් අසරණ තත්ත්වයට පත් වූවන් බෙල්ලේ වැල දමාගෙන මැරෙනවා. බැංකු වලින් දෙන පීඩනයට... අපගේ ව්‍යාපාරයද දැනට වසර 2ක පමණ සිට අඩපණ වෙලා තියෙන මොහොතකයි. අපටද මේ ආරංචිය දැන ගන්නට ලැබුණේ...
දැන් අපි දියුණු රටක්. අපිට පුළුවන් ලොව වටේටම ණය දෙන්න.
අරමුණ වන 2/3 දීලම බලමු... ඔව්වා අාපහු ගන්න විදිහ...!!!