IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩොලාන රක්ෂිත වනාන්තර දෙකක් නම් කෙරේ

(ඩයනා උදයංගනී)

පුත්තලම දිස්ත‍්‍රික්කයේ, මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි පොල් ඇළ දූපත කඩොලාන වනාන්තරය සහ තත්කාලකුඩිය කඩොලාන වනාන්තරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කඩොලාන රක්‍ෂිත වනාන්තරයන් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මේ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පුත්තලම පම්බල කලපුවෙන් වටවී ඇති පොල් ඇළ දූපත හෙක්ටයාර 29ක විශාලත්වයෙන් යුතු වන අතර පම්බල කලපුවෙන් වටවූ සහ  ඕලන්ද ඇළ සීමාවෙන් මායිම් වූ තත්කාලකුඩිය කඩොලාන වනාන්තරය හෙක්ටයාර 22.7ක විශාලත්වයකින් යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන සංරක්‍ෂණ ආඥා පනත මගින් තමන්ට හිමිව ඇති බලතල අනුව මෙම කඩොලාන වනාන්තර රක්‍ෂිත වනාන්තර ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.



අදහස් (4)

කඩොලාන රක්ෂිත වනාන්තර දෙකක් නම් කෙරේ

sharm Monday, 29 July 2019 07:52 AM

ඔව් ඉතින්.. කවුරු කවුරු හරි හොර ලියුම් ගහගෙන ගොඩ කරලා ගෙවල් හදා ගන්නකල් රක්ෂිතයක් වෙලා තියෙයි. මොකෙක් හරි දේශපාලුවෙක් තමන්ගේ හෙන්චයියන්ට බෙදා දුන්නම අපි ගිහින් විරෝධය දක්වමුකෝ...

:       0       6

වීරවිජේ Monday, 29 July 2019 09:25 AM

බදූර්දීන්ට කපන්නද?

:       0       18

Prabha Monday, 29 July 2019 11:24 AM

අලුතින් නම් කරන්න කලින් අර විනාශ කරන විල්පත්තුව බේරගෙන හිටියොත් නරකද සිරිසේන මහත්තයෝ...?

:       0       0

faito Monday, 29 July 2019 12:42 PM

කළුතර කැලිඩෝ ශ්‍රී ලංකා සිතියමේත් නෑ... ලංකාවේ ලෝකුම පරිසර විනාශ එ්කයි.. ගූගල් මැප් එකේ විතරයි තියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site