හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීම සහ පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හඳුනා ගනිමින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දන්වා ඇත.
විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට මෙම ලිපිය යවා ඇත්තේ අද (28) පස්වරුවේය.
එම ලිපියේ මෙසේ ද සඳන්වේ.
“ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හඳුනා ගනිමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි නීත්‍යනුකූල කටයුතු කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා”.
COMMENTS
ඒක ඉක්මනින් කරන්න බැහැ කට්ටිය කෝටි 5 ගානේ දීලා බාගන්නත් ඕනනේ. මොකද හොරකම් කරපු සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවනේ.
මෙයා දෙමල අයගේ විපක්ෂ නායකයා. මහින්ද බහුතරය පෙන්නුවොත් රනිල් තමා ඊලග විපක්ෂ නායකයා. මේ හිටපු කාලයටම කරපු දෙයක් නැහැ.
දැනුයි මෙයා නින්දෙන් ඇහැරිලා තිබෙන්නේ. ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා කල යුතුදේ කරාවි. ජනාධිපතිගේ කතාවෙන් පසුව අපිට පාර්ලිමේන්තුව ගැන විස්වාසය නැතිඋනා. එම නිසා පාර්ලිමේන්තුව නොපවත්තුවොත් ඔබලාට දෙන දීමනාව වත් රටට ඉතිරි වෙනවා.
මෙන්න අගමැති තනතුරට සුදුසු මහත්මයෙක්
ලංකාවේ විපක්ෂ නායකයෙක් ඉන්නවාද? අපි නම් දන්නේ අදයි ආණ්ඩූව තක්කඩි කම් කරනකොට මෙයා හිටියෙ කොහෙද?
කණගාටුව ඔබතුමාට තේරෙනදේ මේ රටේ මුල් පුරවැසියාට තේරෙන්නේ නෑ.
අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අපට දෙන්න....... පාර්ලිමේන්තුව රැස් කරන්න
රටේ ආර්ථිකය බලන් ඉදිද්දී විනාශ වෙනවා...... මම වැඩකරන සංචාරක හෝටලේ පසුගිය දවස් 2 තුළ නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි මාසවල තිබුණ බුකින් 11 කැන්සල් වුණා , මේවගේ එකතුව ලක්ෂ 7-8 ඉදිරියට තව කියක් කැන්සල් වේවිද දන්නේ නැහැ ,මේවා අපේ රටට්ට කෙලින්ම එන විදේශ විනිමය රුපියල වැටුනොත් , බඩුමිල නගිනවා , කවුද අගමැති කියන එක නොවේ වැදගත් , පාර්ලිමේන්තුව කැඳවල රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නැතිනම් ඉදිරියට රටේ ගැටුම් ඇති වේවි , ජනාධිපතිතුමනි මේකද ඔබ අපට 2015 පොරොන්දු වුණා මෛත්‍රී පාලනය
දෙවියන්ගේ නාමෙට ඒක තමයි කල යුතු ඉතාමත් වැදගත් දෙය.
පාර්ලිමේන්තු සැසිවාරවලදී පාර්ලිමේන්තුවට එන්නේ නැති අයටනේ උවමනාව.
අනේ නිකන් විහිලු කතා නොකිය ඉන්නවද? දැන් කොහෙද විපක්ෂ නායකයෝ. තව ටික දවසකින් රනිල් විපක්ෂ නායකයා වෙනවා.
මෙතුමා මේ ඉල්ලීම වැදගත් විදියට කරලා තිබෙනවා.
දත් මැදලා බලන් ඉන්න.