IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ඖෂධ ගබඩා කර ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඖෂධ හළක් ලෙස ලියාපදිංචි කළ යුතුයි ‘

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ ගබඩා කර ඇත්නම් එම ස්ථාන ඖෂධ හළක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචි  කළ යුතු බව සෞඛ්‍ය දේශිය හා පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 
ඒ  පිළිබඳ  රෙගුලාසි ඉදිරියේ දී ගැසට් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
 
සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ ලංකා ඖෂධ අලෙවිකරුවන්ගේ සංසදය සමඟ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
 
ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ සමාගම් 18% ක් ව තිබූ වට්ටම් මුදල මේ වන විට අඩු කර ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මගින් දැනුම් දුන් අතර,ඒ පිළිබඳව   වාණිජ මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.
 
ඇතැම් ඖෂධ වල වට්ටම් මුදල සියයට 5 දක්වා අඩු කර  ඇති බවත්,  මේ නිසා ඔසුසල් පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව ඇති  බවත්  ඔවුහු අමාත්‍යවරයා දැනුවත් කළහ.
 
මෙහිදී ඩොලරයේ මිල ඉහළ යාම නිසා ඖෂධ අලෙවි කිරීමේ දී සහනයක් ලබාදෙන ලෙස ඖෂධ වාණිජ මණ්ඩලය  කර ඇති ඉල්ලීම  පිළිබඳව සළකා බලා ඒ පිළිබඳව මිල කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. 
 
අනතුරුව එම ඉල්ලීම පිළිබදව ඖෂධ වාණීජ මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට තීරණය තීරණය කෙරිණි.

(36698)



අදහස් (0)

‘ඖෂධ ගබඩා කර ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඖෂධ හළක් ලෙස ලියාපදිංචි කළ යුතුයි ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site