IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


එන්නත් ගැන බොරු දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් කණ්ඩායමක් ඊයේ (25)රාත්‍රියේ ඔහුගේ පිලියන්දල නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසේල සම්පත් විසින් සිදුකළ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (14)

එන්නත් ගැන බොරු දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

[email protected] Saturday, 26 June 2021 09:31 AM

අනිවාර්යයෙන් දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මිනිස්සු අතර එන්නත් ගැන වැරදි චිත්‍රයක්.., මවලා මේ රටේ තව මිනීගොඩ ගැහෙනවා බලන්න නේද? මේ රටේ මිනිස්සුන්ට තමන් කියන, කරන දේ පිළිබඳ වගකීමක් තිබිය යුතුයි. එහෙම නැතුව කටට එන දේ දේශපාලනික වාසිගන්න බලාගෙන කියවන මොවුන්ට අනිවාර්යයෙන් සිර දඬුවම් දෙන්න ඕනේ...

:       0       0

තුෂාර Saturday, 26 June 2021 09:34 AM

අධි තක්සේරුවෙන් සිටින අයට අවශ්‍ය ප්‍රසිද්ධිය පමණි .

:       0       0

Mewan Saturday, 26 June 2021 09:36 AM

එයා කියපු අනිත් ඔක්කොම ඒවා ඇත්ත..., මේක විතරක් බොරුවක්....

:       0       0

නිමල් Saturday, 26 June 2021 10:12 AM

බොහෝ ආපන ශාලාවල ආප්ප පිටි වලට ප්ලාස්ටර් ඔෆ් පැරිස් කුඩු මිශ්‍ර කරන බවද ප්‍රසිද්ධ රහසකි.

:       3       23

Sri Lanka Saturday, 26 June 2021 12:19 PM

කොහොමද බටහිර බොහෙත්වලට තියන තැන..? අපේ දේශීය බෙහෙත්වලට බණිනවා.. කෝ ඒවාට ඇක්ෂන්..?

:       0       130

Asanga Saturday, 26 June 2021 12:23 PM

කට හින්දනේ මාලුවා නහින්නේ...!!! 

:       218       211

Dr Kapila Saturday, 26 June 2021 01:04 PM

මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ කැන්ටිමේ පරිප්පු හොද්ද ඉවර වෙනකොට උණුවතුර වක්කරනවා වගේ ඇති කියලා වැක්සීන් හැදිල්ල... ඒක මේ මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම. බැනලා වැඩක් නෑ. එහෙම කුප්පි කඩලා බාල්දියකට දාලා වතුර මිශ්‍ර කරලා ගන්න කෝඩියල් කියලා හිතන්න ඇති....

:       174       420

wdgw Saturday, 26 June 2021 01:25 PM

මෙතුමා සෑහෙන කාලෙක ඉඳලා ලකලැහැස්ති වුණා බෝගම්බර අාපනශාලාවේ කෑම පරීක්ෂා කරන්න.

:       126       165

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 June 2021 01:35 PM

යූ ටියුබ් හා ෆේස් බුක් කියන මාධ්‍ය දියුණු රටවල රටේ ජනතාවගේ ප්‍රයෝජනයට යොදාගන්නා ප්‍රබල මාධ්‍යයන් දෙකක්. ඒත්, මේ රටේ මිනිසුන් විසින් එය රටේ ජනතාවගේ ප්‍රයෝජනයට හරිහැටි යොදාගන්නා බවක් නොපෙනේ. මෙහි බොරු, වංචා, අමුඅමුවේ කියන නුසුදුසු කතා හා භාෂාව නිසා, රටේ හැදියාවට සංස්කෘතියට වනුයේ සුළුපටු හානියක් නොවේ. සමහර අවස්ථාවන්හිදී දේශපාලකයින්ගේ හොර මැරකම් එළිවීම් හොඳ දෙයක් වුවද, ඔප්පුකළ නොහැකි දේ පළකිරීමෙන් තමන්ද අමාරුවේ වැටී, අදාළ සමාජ මාධ්‍යයන්ද පිරිහී යන මට්ටමට පත්වේ...

:       53       165

Sri Lanka Saturday, 26 June 2021 01:47 PM

කපිල, කැන්ටින් හොද්ද හදපු අම්මයි, තාත්තයි හින්දා තමයි ඔහේව ඔතනට එන්න ඇත්තේ. දැන් මුල අමතක වෙලා, බටහිර බෙහෙත් විකුණලා.... කැන්ටිමේ කෙනාගේ මොලේ තමුන්ලාට තිබුණා නම් අද රටට මෙහෙම වෙන්නේ නෑ..

:       41       16

හංසිකා කුමාරි ජයවර්ධන Saturday, 26 June 2021 03:10 PM

කෙනෙකු වැරැදි දෙයක් ප්‍රකාශ කළා නම් කළ යුත්තේ එය නිවැරදි බව ප්‍රතිපාර්ශවය විසින් නිවේදනය කිරීම පමණයි. දැන් බොරු ප්‍රවෘත්ති දාලා පසුව නිවැරදි කරන අවස්ථා කොච්චර තියනවද? ඇත්තටම මෙතන තියෙන්නෙ ඒක නෙවෙයි. ආණ්ඩුවට තර්ජනයක් වෙන අයගේ කටවල් වහන්නයි ඒ ගොල්ලන්ට ඕනෑ. මේක මර්දනයක්. භාග්‍යා දියණියට කරන්න හැදුවෙත් ඕකමයි. අනාගතයේදී සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරනවා සහතිකයි. ඒත් සටන්කාමීන් අලුතෙන් බිහිවෙන එක වළක්වන්න මේ හිට්ලර්වාදී ආණ්ඩුවට බෑ...!

:       246       563

Demuni Uduwara Saturday, 26 June 2021 04:45 PM

ඇත්තෙන්ම හරි...

:       1       1

සකය Saturday, 26 June 2021 03:46 PM

පැහැරගෙන ගියා කියලා දාපල්ලා.. එයාගේ ළමයාටත් ගහලා ෆෝන් එකත් උදුරාගෙන හැඳුනුම්පත් පෙන්නන්නේ නැතුව ගෙනිහිල්ලා..

:       5       0

BamunuarachchiSunday, 27 June 2021 10:03 AM

බොරු කිව්වා නම් විඳවපල්ලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1107 0

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ


මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1483 0

2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
2025 මාර්තු මස 20 393 0

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර


දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න
2025 මාර්තු මස 20 483 1

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප


මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
2025 මාර්තු මස 20 1821 2

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක


’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’
2025 මාර්තු මස 20 350 2

පරණ ක්‍රමයෙන් අයුතු ප්‍රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1032 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site