(ආරියරත්න රණබාහු)
පුවත්පත ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යයන්හි දස්කම් පෑ ප්‍රවීණ කලා ශිල්පී උලපනේ ගුණසේකර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.
සීමා සහිත ස්වාධීන පුවත්පත් සමාගමේ ‘දවස’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වූ ගුණසේකර මහතා පසුකාලයක ගුවන් විදුලි නාට්‍යයේ ශිල්පියකු හා රූපවාහිනි හඬ කැවීම් ශිල්පියකු ලෙස මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබිණි.
1994 වසරේදී අතුල රත්නසිරිලාල්ගේ රාමායනය නාට්‍යයේ හඬකැවීමෙන් එම ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉන් පසු ජනප්‍රිය රූපවාහිනි කාටුන් වැඩසටහන් වූ සූරපප්පා හි ‘වෙද පප්පා‘ මණ්ඩුක භවනේ ‘මහතුන්‘ , පැංචාහි ‘වලස් රාල‘ , අපි රජ ඉබ්බෝ හි ‘මාස්ටර්‘ යන චරිතවලට හඬ කැවීම් කළේය.
එමෙන්ම විදෙස් ටෙලි නාට්‍යන්වල සුජාත දියණිය සහ අභීත දියණිය යන නාට්‍යවලටද සිංහල හඬ කැවීමෙන් දායක වූ ගුණසේකර මහතා මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේත් චරිතයකට පණ පෙවීය.
වෙසක් තොරණ සඳහා මර්වින් සේනාරත්න මහතා නිර්මාණය කළ ජාතක කතාවල චරිතවලට හඬ කැවීම්ද කළ හෙතෙම කවියකු ලෙසද ප්‍රකටය.
මියයන විට 77 වන වියේ පසුවූ උලපනේ ගුණසේකර මහතා දියණියකගේ පියෙකි.
දේහය ලබුගම නිරිපොල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (12) පස්වරුවේ ලබුගමදී සිදු කිරීමට නියමිතය.
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උලපනේ ගුණසේකර ජීවිතයෙන් සමුගනී
විජිත් Tuesday, 10 March 2020 06:53 PM
ඔබට නිවන් සුව පතමි...!!!
rocky Wednesday, 11 March 2020 02:32 AM
ශිල්පියෙකු වශයෙන් ඔහු බෙහෙවින් අගය කළ මම මගේ දැඩි ශෝකය පලකරමි. නිවන් සැප ලැබේවා ! ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ලැබිය යුතුව තිබුනේ මෙවැනි පුද්ගලයින්ටයි.
Ranasinghe H.R.S. Wednesday, 11 March 2020 03:31 AM
නිවන් සැප ලැබේවා !
Sajith Wednesday, 11 March 2020 05:06 AM
වෙද පප්පා අපේ ජිවිතයේ නොමැකෙන මතක සටහන් තැබූ චරිතයක්. ඔබට නිවන් සුව ලැබේවා !
Chandana Wednesday, 11 March 2020 06:42 AM
කලාකරුවාණනි, ඔබට නිවන් සුව !