(රන්ජන් කස්තුරි)
දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම අමාත්‍යංශය කටයුතු කරමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමෙරිකානු තානාපති අලෙයිනා බී. ටෙප්ලිස්ට් මහත්මිය අතර සාකච්ඡාවක් අද(08) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.
ඇමෙරිකානු ස්වේච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබාදෙමින් මෙරට ඩෙලික් ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. නැවතත් 2020 වසරේ සිට ඇමෙරිකානු ස්වේඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති අතර එහි පළමු අදියර යටතේ ගුරවරුන් 150කගේ සේවය දුෂ්කර පලාත් සිසුන්ට ලබාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ ඉංග්‍රීසි වලයි ලංකාවේ කතා කරන සහ උගන්වන ඉංග්‍රීසි වලයි වෙනසක් තිබෙන බව දන්නවද.
150න් 150ම CIA වෙන්න පුලුවන්. ඔය ඇමෙරිකන් ස්වේච්ජා සේවකයො කියන්නේ කවුද කරන්නේ මොනවද කියලා දන්නෙ නැතුව ඇති. මෙච්චර කාලෙකට ආවෙ නැති ඉංග්‍රීසි ගුරුවරුත් එනවා දැන්. ලංකාවෙ ඉංග්‍රීසි ගුරුවරු නැද්ද හැබැටම? සක්විතිව දිස්ත්‍රීක් මට්ටමින් සම්මේලන තිබ්බා නම් නරකද? දැන් මේකට කොමෙන්ට් දායි හැලියෙ කිඹුල්ලු දකිනවා කියලා කිඹුල්ලු නෙවේ ඩයිනෝසිරස්ලා තමයි එළියට එන්නේ වැඩේ ඉවර වෙනකොට.
රටේ ලෝකයේ වෙන දේවල් ගැන අවදියෙන් ඉන්න ඕනෑම කෙනෙක්ට පේනවා ලංකාවේ දැන් සිද්ධ වෙමින් යන්නේ පිලිපීනයේ ඇමෙරිකානු හමුදා කදවුරු ස්ථාපිත කිරීමේ ක්‍රමවේදයට වඩා එහාට ගිය ක්‍රමයක් බව. ඒ රටේ ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාව පමණක් නොව ඇමෙරිකානු අවිචාර සංස්කෘතියත් ඇති කළා. එය කෙතරම් සංකීර්ණ උනාද කියනවානම්, පිලිපීන ගැහැණු දරුවන් ඇමෙරිකානු හමුදා බැරැක්ක වලට යවන තැනට එරට දෙමාපියන් පත් උනා. ඇමෙරිකානු ස්වෙච්චා සේවකයින් යනු හුදු ස්වෙච්චා සේවකයින්ම පමණක් නොවන අතර ඔවුන් සියලුම දෙනා ඇමෙරිකානු බුද්ධි අංශවල පුහුණුව ලැබූ අයයි. මා මේ කියන දේ පිලි ගැනීම හෝ නොගැනීම පාඨක ඔබට බාර වන අතර අපේ රට ගැන පුද්ගලිකව මම සියලු අසාවන් අතහැර සිටින්නෙමි. මේ රට මේ රටේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තැනක නතර වෙලා මිනිස්සු හුල්ලන වේදනාව මට මැවිලා පෙනෙනවා.
ඔවුන්ගේ ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නෙක එපාවෙන එකයි මේකෙන් වෙන්නේ. දුෂ්කර පළාත්වල ඉන්න අහිංසක ළමයින්ට ලංකාවේ ගුරුවරුන්ට උගන්වන්නට බැරි ඇයි? ඇත්තටම මේ රජය කුමක්ද මේ කරන්නේ? ටැබ් එකත් මේ වගේම මෙලෝ රහක් නැති ව්‍යාපෘතියක් නේද? කුණු කඳු හැමතැනම. බෙලිඅත්තේ අධිවේගී මාර්ගයේ චීන කොන්තරාත්තු කරුවන් ගෙදර ගිහින්, සල්ලි ගෙවන්නේ නැති හින්දා, නුවර අධිවේගී මාර්ගය ඉබිගමනේ, මේ ඔක්කොම අස්සේ අපේ මහා රජා කාම්බෝජයේ චාරිකාවක. රට රෝද පුටුවක් උඩ දැන් යන්නේ. අනේ අපව, අපේ දරුවන් මේ නාට්‍යකාරයින්ගෙන් බේරගන්න කවුරුත් නැද්ද?
නියමයි.. නියමයි CIA වුනත් FBI වුනත් KGB වුනත් මොසාර්ඩ් වුණත් කමක් නැහැ... වැඩේ හොඳයි.. මොකද උණ අාවේ නැතත් අපේ අය මේ රට කන එක නවත්තන්නේ නැහැ. අඩු ගානේ ඉංග්‍රීසි හරි දුප්පත් එව්වෝ ඉගෙන ගන්නවා.
ලංකාවේ ඉංග්‍රීසි සහ ගණිතය සිසුන්ට අවබෝධ වන පරිදි ඉගැන්විය හැකි ගුරුවරු සිටින්නේ ඉතාමත් අල්ප වශයෙනි. එසේ කළ හැකි ගුරුවරු ඇත්නම් බොහෝවිට ඔවුන් සිටින්නේ උපකාරක පන්තිවලයි. මේ විෂයන් පාසල්වල ඉගැන්වීමේ දුර්වලතාව අ.පො.ස විභාග ප්‍රතිඵල වලින් හොඳින් පිළිබිඹු වේ. එබැවින් මා සිතන්නේ ඇමෙරිකාවෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ගුරුවරු ගෙන්වීම හොඳ දෙයක් බවයි. අපේ උදවිය ඇමෙරිකාවට මොන තරම් බැන්නත්, අද අපේ නිමි ඇඟලුම් බොහොමයක් විකුණන්නේ ඇමෙරිකානු වෙළඳපොලේ බව සිහි තබාගත යුතුයි.
චීන භාෂාව උගන්නන්න චීනෙන් ගුරුවරු ගෙන්නන්න බැරිද?
කවුරුත් නොහිතන පැත්තකින් ඇමරිකාව, ලංකාවට රිංගුවා. එතැනින් වැඩ පටන් ගනියි. ඇමරිකන් ඉංග්‍රීසි ලංකාවට හරියන්නේ නැහැ. තනිකර බොරුවක්. මේ එන්නේ ඔත්තුකරුවන්. වහාම ගහලා හරි පන්නන්න. පාසලක් පැත්ත පළාතකට වද්දගන්න එපා...
ඇමරිකානු ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වචන හා වචන ශබ්ද කිරීම අතර වෙනසක් තිබෙනවා. පාසල් කාලයේ සමහර ඇමරිකන් වචන භාවිතා කිරීම තහනම් කරතිබුණා. නමුත් මම දැක්කා සමහර විද්‍යුත් නාලිකාවල මේ හිච්චි කෙල්ලෝ වැඩසටහන් වලදී වැඩිහිටියන් ආමන්ත්‍රණය කිරීමේදී එම වචන භාවිතා කරනවා. පාසල් කාලයේදී පුද්ගලයෙකු හැඳින්වීමට "ගයි" කියන වචනය කියන්න තහනම්. "දැට් ගයි" "දිස් ගයි" කතා බැහැ.
අපේ කාලේ 1950 ගණන්වල සිටියේ ඉන්දියානු, කේරල, ගුරුවරියක්...
සූත්තර පුංචාගේ තවත් සූත්තරයක්... රට කෙලින් කරන්න දන්නේ නැති.. කෙලින් හිටගන්න බැරි ... නොහැකියාවෙන් පෙලෙන... මෝඩ චූන් කතා....
ඇමරිකන් ඉංග්‍රීසි නෙමේ ඉගෙනගන්න ඕනෑ.. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි.. අපේ දැන් ඉන්නේ හරක්... අධ්‍යාපන ඇමැති අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නොවෙයිනේ...
අප රට ඉංග්‍රීසි යනු ජාතින් අතර " සම්බන්ධක භාෂාවක් " ලෙස සැලකීම වඩාත් යෝග්‍යයි. ඇමරිකාවේ භාවිතා කරන්නේ නිවැරදි ඉංග්‍රීසි නොවේ. අප භාෂා යෙදුම් ඇමරිකානු ඉංග්‍රීසියේ වැඩිපුර භාවිතා වේ. ඇමරිකානු ඉංග්‍රීසි ඇමරිකානු සංස්කෘතිය තුළ හා පොදුවහරේ භාවිතා වුවත් අප රට වාචික ඉංග්‍රීසි තුළ ඒවා භාවිතා කිරීමෙන් අසාසිටින අය හා වටපිට සිටින අය තුළ අප්‍රසන්නතාවයන් ඇතිවිය හැක. දැනට මෙරටට අත්‍යාවශ්‍ය අංගයක් වන ජාතින් අතර සම්බන්ධතාවය ගොඩනැගීමට මෙයින් දැඩි ලෙස බලපෑම් ඇතිවිය හැකිය. මෙරට දේශපාලකයන් හැමදේම නොපිට හරවා තම වාසියට හරවාගන්නා පරිසරයක් තුළ නැති ප්‍රශ්න මෙරටට ගෙන එ්ම නම් යෝග්‍ය නොවේ.
ඇමෙරිකාවෙන් උදව් අරන් අඩියක්වත් ඉස්සහරට ගියපු රටවල් වලනම් නෑ. ඔවුන්ගේ බල කඳවුරු වෙච්ච රටවල් මිසක්... එ්කවත් දකින්න බැරිතරම්...
ලංකාවේ ඉන්න ඉංග්‍රීසි නොදන්න ජෙප්පෝ දැන් උඩ පනී...
කුමාර්, මංගල ඔබ දෙදෙනා සමග මමත් එකඟ වෙනවා.. මාවතගම විදුහලක ගුරු උතුමෙක් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවා ලංකාවේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න බැරිද? පුළුවන්ද? කියලා.. එහෙම නම්, මහනුවර ඉංග්‍රීසි ගුරු විදුහලෙන්, මහරගම සහ බෝලවලාන ගුරු විදුහල් වලින් සහ කළුතර පස්දුන් රට විද්‍යා පීඨයෙන් එන ගුරුවරුන් ඉන්නකොට ... අපිට ඇමරිකානු ගුරුවරු අවශ්‍යද? එහෙම නම් ගෙන්විය යුතු වන්නේ බ්‍රිතාන්‍යයෙන් මොකද? ඉංග්‍රීසි භාෂාව හරියට භාවිතා වන්නේ ඒ රටේ... මේක යටින් වෙන සැලැස්මක් අනිවාර්යයෙන් තියෙන්නම ඕනෑ. ඔය අලයිනා කියන පුද්ගලයා ඉතාම ප්‍රසිද්ධයි 3 වැනි ලෝකයේ රටවල අවුල් ගොඩ නගන්න. අපිට ඇමරිකානු ගුරුවරු වුවමනා නැහැ කොහෙත්ම....
මංගලලා ඔක්කොම එකයි වගේ... මංගල වගේ අය හින්දා තමයි මේ රටට කෙලවුනේ...
අමෙරිකානු ගුරුවරුන්ට දෙන පඩිය අපේ ගුරුවරුන්ට දුන්නා නම් ඕනේතරම් ගුරුවරු මෙහෙ ඉන්නවා.
අපේ ඉංජිනේරුවන් ගිහිල්ලා ඇමරිකාවේ වැඩ කරන්න පුළුවන්... ඔවුන්ගේ ගුරුවරු ඇවිල්ලා මෙහෙ වැඩ කරන්න බැහැ. මෝඩ දේශප්‍රේමී මැට්ටෝ සහ ළිං මැඩියන් ඉන්නකන් මේ රට ගොඩදාන්න බැහැ. ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ටිකක් ගේනවා... රට විනාශයි කියලා කෑ ගැහුවා. මේ ලිං මැඩියෝ ටික... හැබැයි ඔවුන් තමයි ඒවායින් මුලින්ම ප්‍රයෝජන ගන්න පනින්නේ... අඳින්නේ ජාතික ඇඳුම, දෙමව්පියන් ඇමරිකාවේ, දරුවන් ඕස්ට්‍රේලියාවේ.. හැබැයි ඇමරිකාවට විරුද්ධයි. ඒ වුණාට ඇමෙරිකන් පුරවැසියෙක් රටේ ලොකු තැනට පත් කරන්න දඟලනවා... පුදුම මිනිස්සු....
නියමයි. කොළපාටින් රටකන හැත්ත. ලංකාවට තව අඩු සී.අයි.ඒ. කාරයින් ටිකක් විතරයි. අකිල උන්නැහේ හදන්නේ ගුරු හිඟකම මාර්ගයෙන් ලංකාවට සී.අයි.ඒ. කාරයන්ට එක්ක පාරකපලා දෙනඑක.
ලංකාවේ ජනයාට මෙච්චර අැමෙරිකාව එපා නම්, බැරිද අැමෙරිකාවත් සමග ගණුදෙනුත් නවත්වන්න...?
අපට ඇමෙරිකන් සර්ලා තව තවත් ඕනෑ.
අපිට මොකටද පිටින් ඈයෝ...? අපේ ඕනෑතරම් ඈයෝ ඉන්නවා... මෙවැනි දෙයක් පින් පතා කරන්න කැමති, කිව්වට උරණ වෙන්න එපා. ඔය මගේ අදහසට විරුද්ධ ලංකා ගුරු සංගමය... මොකටදැයි නොදනිමි... කුහකකම වෙන්න ඇතිනේ?
මූලික ඉංග්‍රීසි දැනුම නැතිඅයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නන්න බෑ. ඒ නිසා මේ ඇමෙරිකන් ගුරුවරුන්ට මුලින්ම සිංහල උගන්නන්න වෙනවා. බලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද... අපේ රටේ ගුරුවරු ගන්නවට වඩා. මේ වගේ බුද්ධිමත් පාලකයන්.. රටට වාසනාවන්...
ඇමරිකානුවන්ට වඩා ඉංග්‍රීසි ඉගැන්වීමට වඩා අතිදක්ෂ ගුරුභවතුන් ඕනෑතරම් මේ රටේ සිටියදී මේ මොන බොරු වැඩද, කුණුත් පිටරටින් ගෙන්වන අැමැතිවරු ඉන්න මේ රටේ මේ මොනවැඩද? පිටරටට මොනතරම් ආවඩන ජාතියක්ද? අපිට නම් හරිම දුකයි.
ඉංග්‍රීසි භාෂාව ආරම්භ කෙරුණු එංගලන්තයේ භාවිතා වෙන සහ උගන්වන ක්‍රමය සහ ඇමෙරිකාවේ ඉංග්‍රීසි භාවිතා කෙරෙන සහ උගන්වන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්.... අපට මේ භාෂාව ලැබුනේ එංගලන්තයෙන්. එ් නිසා මේ දෙවර්ගය කලවම් කරගෙන උගන්වන්නට ගියොත් ලොකු විනාශයක් වෙන්නට බැරි නැහැ.
ඇමරිකානු ඉංග්‍රීසි හා ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි අතර විතරක් නෙවෙයි ලෝකයේ රටවල් ගණනාවකම තමන්ගේ ව්‍යවහාරික ඉංග්‍රීසියක් තිබෙනවා. දැන් ලංකාවේත් භාවිතයේ තිබෙන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ ඉංග්‍රීසි නොවේ. වඩා වැදගත් වන්නේ එන ඉංග්‍රීසි ගුරුවරුන්ගේ ව්‍යවහාරය අනුකරණය නොව එයින් ඉගෙන ගැනීමයි.
ඩොලර් කෝටි ගණනක් වියදම් කරලා හදිස්සියේම CIA ඒජන්ට්වරු 150 ලංකාවට එවන්න ඇමෙරිකාවට වලිප්පුව හැදිලද? ලංකාව ගැන ඕනෑම තොරතුරක් දැනගන්න ඇමෙරිකාවට දැනටමත් හැකියාව තියෙන වග දන්නේ නැති හැටි... ලැජ්ජයි නූගත්කම ගැන... ලෝකේ සැම රටකම තියෙන NGO වලින් කොහොමටත් ග්‍රවුන්ඩ් රිපෝර්ට් තමන්ගේ මව්රටට යවන බව නොදන්නා මෝඩයන් තවමත් ඉන්නවද?
මට එකක් ෂුවර්... අපේ අය ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ අැමෙරිකන් කාරයින්ගේ ෆේමස් වචනේ. දුකට, සැපට, කේන්තියට, විශ්මිත භාවය පෙන්වීමට පමණක් නොව දෙවියන් සිහිකරන්නත් එ්ක කියනවා, මටත් කියන්න වෙන්නේ ..කින් බ්ලැඩි වර්ඩ් කියලා.