IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට

(මනෝජ් හර්ෂික)

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.

මෙවර තරඟය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ සඳහා රටවල් 15ක් චිත්‍ර හා පෝස්ටර් ඉදිරිපත් කර තිබුණි. එහිදී වාර්ෂිකව එක රටකට පමණක් පිරිනමනු ලබන jaxa Award සම්මානය දිනා ගැනීමට ද ශ්‍රී ලාංකේය සිසුවියක් සමත් වූවාය.

මෙම ජාත්‍යන්තර චිත්‍ර හා පෝස්ටර් තරඟයට  ශ්‍රී ලංකාවෙන් පාසල් දරුවන් ඉදිරිපත් කිරීම සඳහා ආතර් සි ක්ලාක් ආයතනය ශ්‍රී ලංකාව තුළ පවත්වන ජාතික තරඟයකින් පාසල් දරුවන් තිදෙනකුගේ පෝස්ටර් චිත්‍ර 03ක් තෝරාගනු ලබන අතර ඒවා තරඟය  සදහා ඉදිරිපත් කරනු ලබයි.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් චිත්‍ර හා පෝස්ටර් ඉදිරිපත් කළ පාසල් ශිෂ්‍යාවන් තිදෙනා අතුරින් මොණරාගල මහානාම විද්‍යාලයේ හංසි ස්නේහා රිස්වාන් ශිෂ්‍යාව ඉදිරිපත් කළ පෝස්ටර් චිත්‍රය මෙම තරඟයේ වාර්ෂිකව එක රටකට පමණක් පිරිනමනු ලබන jaxa Award සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.

මෙවර තරඟය සඳහා තේමාව ලෙස “See You in Space!” යටතේ චිත්‍ර පෝස්ටර් ඉදිරිපත් කළ අතර  එහිදි කළුතර බාලිකා විද්‍යාලයේ එච්.පුජනී හිමිදිරි සිල්වා සහ කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ එම්.ටී.එස්. ඔනෙලි ලිහන්සා යන ශිෂ්‍යයාවන්ගේ පෝස්ටර් සඳහාද ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ විශේෂ ඇගයීමට ලක්විය.

ආතර් සී ක්ලාක් ආයතනය පාසල් දරුවන් අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන බවත් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය (APRSAF) මගින් සංවිධානය කරනු ලබන අන්තර් ජාතික පෝස්ටර් චිත්‍ර තරඟය සදහා පාසල් දරුවන් ඉදිරිපත් කිරීම වාර්ෂිකව කරන බවත් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ කටයුතු සහ ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය කරන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(ඡායාරූපය - ජාත්‍යන්තර චිත්‍ර හා පෝස්ටර් තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍යාවෝ තිදෙනා ආතර් සි ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා හා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ  මහතා සමඟ මෙහි වෙති. (jaxa Award සම්මානය දිනාගත්හංසි ස්නේහා රිස්වාන් ශිෂ්‍යාව වමේ සිට දෙවන්නාය)



අදහස් (10)

ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට

කපුරුහාමි Monday, 10 February 2020 10:04 AM

අපේ රටට කීර්තියක් ගෙනදුන් දියණියන්ට හදවතින්ම සුබ පතනවා..

:       0       55

වියතා Monday, 10 February 2020 10:17 AM

හොඳට පෙනෙන ඡායාරූපයකුත් දාන්න අපටත් බලන්න.

:       0       28

Raveendra Monday, 10 February 2020 10:38 AM

පුතාලට අපගේ උණුසුම් සුබපැතුම් !!!

:       0       25

රවින් Monday, 10 February 2020 10:39 AM

අපේ ටියුෂන් ගුරාලා ගහන පෝස්ටර්වල හැටියට නම් ලෝකේ පෝස්ටර්වලින් මුල් ස්ථාන දහයම අපිට තමා එන්න ඕනේ. 11-20 දක්වා දේශපාලුවන්ට. ඉතිරිය ලෝකේ අනික් රටවලට...

:       0       18

රත්තරන් Monday, 10 February 2020 11:33 AM

දත් විලිස්සා ගෙන, වැඳගෙන, සාටකේ දාගෙන ඉන්න උඩුරැවුල්..කාරයන් ඉන්න පෝස්ටරුත් නරක නැහැ...

:       0       0

Athula Monday, 10 February 2020 10:59 AM

ඇයි JVP එකේ පෝස්ටර් ඉදිරිපත් කලේ නැද්ද?

:       5       9

Bamunuarachchi Monday, 10 February 2020 01:32 PM

අපේ අය පෝස්ටර් ගහන්න, අඳින්න අති දක්ෂයි..

:       4       9

KumaraTuesday, 11 February 2020 04:47 AM

ඇයි ගම්වල ඉන්න අය පෙත්සම් ගහන්න දක්‍ෂයි. ඒ විතරක් නොවේ කැලා පත්තර ගහන්නත් හරි දක්‍ෂයි.

:       0       1

Champa Tuesday, 11 February 2020 05:02 AM

අපේ රටට ගෞරවයක් ගෙනත් දුන් මේ දරුවන් තුන්දෙනාටත්, ඔවුන්ට මඟ පෙන්වූ ආතර් සී ක්ලාර්ක් ආයතනයටත් මගේ සුබ පැතුම්!

:       0       0

de silva Tuesday, 11 February 2020 08:15 PM

අයර්ලන්තේ මිනිස්සු ගිටාර් ගහන්න, සංගීතෙට දක්ෂය, කොච්චර දුප්පත් දුෂ්කර රටක් වුනත් කෙන්යාවේ මිනිස්සු මැරතන් දුවන්න දක්ෂය , මොනවා නැතිවුනත් පසුගිය දශක 3-4 අපේ රටේ තාප්ප වල ඇලවුන පෝස්ටර් කන්දරාව ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති, එහෙවු එකේ අපි පෝස්ටර් තරගවලින් පලවෙනි ස්ථානෙට එන එක සාමාන්‍ය දෙයක්. අපේ පසුගිය පරම්පරා 3-4 ලොකු මහත්වුනේ පෝස්ටර් සමග.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28854 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11232 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site