( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා (එක්සත් ජාතික පක්ෂය) ගිනි අවියක් රැගෙන විත් කාන්තාවකට පහර දිමේ සිද්දියක් සම්බන්ධව අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
සභාපතිවරයාගේ ප්‍රහාරයට ලක්වි ඇත්තේ ආණමඩුව තට්ටෑව පදිංචි තිදරු ඒ.එච්.එම් .විමලාවති නැමති 58 හැවිරිදි කාන්තාවකි.
කුඹුරුක මායිමක් සම්බන්ධව ඇතිවු ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් විමකින් පසු හිටපු සභාපතිවරයා අත තිබු ගිනි අවියක බටයෙන් කාන්තාවගේ පපුව ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර මුහුණට පහරක් එල්ල කල බව ඇය ඇය ආණමඩුව පොලිසියට පැමිනිලි කර තිබුනී.
සිද්දියෙන් පසු අදාල කාන්තාව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් වි ඇති බව පොලිසිය කියයි.
සිද්දියෙන් පසු පොලිසිය විසින් හිටපු සභාපති ආණමඩුව පොලිසියේ කණ්ඩායමක් විසින් ඔහුගේ නිවසේදි අත් අඩංගුවට ගෙන ඇති අතර 30 දින ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.
පහර කෑමට ලක්වු කාන්තාවගේ ඥාතින් පවසන්නේ සභාපතිවරයාට අයත් බෝර 12 ගිනි අවියෙන් පහර දිම සිදුකල බවයි.
කෙසේ නමුත් පොලිසිය පවසන්නේ සභාපතිවරයා පහර දිම කර ඇත්තේ වායුරයිෆලයකින් බවයි .එයද අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් කුමාර මහතා පවසයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට