බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පවසයි.
අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය. මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබේ.
අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුය. කලින් කැඳවු අයදුම්පත් නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටියක් දීලා හරි මේ තනතුර පුරවන්න. මොකද එල්ලන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. නැතිනම් ඔවුනුත් පුලුවන් නම් තව කීයක් හරි දීලා ඔය අැබෑර්තුව හිස්ව තියන්න මානබලයි.
දැන් කාලේ එල්ලලා මරන්න උවමනා නෑ. තුවක්කුවක් දුරස්ථව ක්‍රියා කරවන්න තිබ්බ නම් හරි.
මරණීය දණ්ඩනය පැමිණවීමෙන් මිනිසෙකු පත්වෙන තත්වය දුක්ඛිත වුවද, රට වනසන කුඩුකාරයන්, පාතාලයන්ගෙන් රට බේරා ගැනීමට එසේ කිරීම ඉක්මනින්ම කල යුතුව පවතී. සාමකාමී නොවන මැරයන් හා දාමරිකයන් සමාජයෙන් ඉවත්කොට රටේ සාමකාමී මහජනතාව රැකීම සඳහා එම දඬුවම ක්‍රියාත්මක කල යුතුමය. එහෙත්, පොලිස්පති තුමා, ලතීෆ් මහතා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ද, රහස් පොලීසියද වගකීමෙන් සිහිතබා ගත යුතු දෙයක් ඇත. සමහර පොලිස් නිලධාරීන් බොරුවට කුඩු දමා අහිංසකයන් අමාරුවේ දැමීමට තියෙන සියලු ඉඩකඩ වසා දැමිය යුතුය. මරණීය දණ්ඩනය හිමිවිය යුත්තේ නියම වරද කරුවාට පමණය. කාගේ හෝ පළිගැනීමකට අහිංසකයෙකුගේ බෙල්ලට තොන්ඩුව වැටුනහොත්, එය අහස පොලොව නුහුලන අපරාධයකි. එය අප සැමද තරයේ සිහිතබා ගතයුතු කරුණකි.
ඉස්සෙල්ලම අත්සන්කරන්න ඒ.. ලියකියවිලි තිබුනේ නැහැ.. ඊට පස්සේ එ්ක අත්සන් කරන්න පෑනක් තිබුනේ නැහැ.. ඊට පස්සේ එල්ලන්න කඹයක් තිබුනේ නැහැ.. දැන් ඉතින් අලුගෝසුවෙකුත් නැහැ... ඉතින් අලුගෝසුවත් හොයාගත්තට පස්සේ්... එල්ලන්න හිටපු අයත් නැතිවෙයිද දන්නේ නැහැ..!
නාමල් කුමාරට ඉල්ලන්න පුලුවනි.
අපරාදේ අර එල්ලන්න ඉන්න කට්ටියගෙන් සම්තින් එකක් කඩා ගත්තු කට්ටියට පාඩුයිනේ. ලොකු ලොකු පුටුවලටත් පාඩුයි. අර එන් ජි ඔ කාරයෝ ටිකට? කීදෙනේක්ගේ බඩේ පාර වදිනවාද?
මෙකටත් පාතාලේ කෙනෙක්ම දැම්මනම් ඉවරනේ පාරවල් දිගෙ මරාගන්න එක සතුටින් වැඩෙ කරතැකි
මංජුල බිරැට් - මේකට හැම පාතාල සංවිධානයකම කට්ටිය (එකා ගානේ) ගන්න වෙනවා. තමන්ගේ එකෙක්ව බේරුවත් අනිකාවනම් මරනවාමයි.
මෙම තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටයිලු. සමහරවිට මෙදා පාරත් කොව්රු හරි පත් කරගන්න බැරිවුනොත්, මේ ජනාධිපතිට මේකත් එක් හේතුවක් වේවි වැඩේ නොකරන්න. මෙච්චර කල් වැඩේ නොකරන්න ෆ්යිල් නැති කතා කියා හිටියා.
සමහර රටවල්වල, මේ රාජකාරිය කරන්නේ හමුදාව...! එ්කට යොදාගන්නේ කලුපාට බෑග් එකක් සහ තුවක්කුවක් පමණයි.. පහසුයි, ලාබයි, ඉක්මන්..!
කෝ මේ නාමල් කුමාර,
නාමල් කුමාර පඩි නැතුව සේවය කරන්න කැමැත්ත පල කලේ මේ ලඟදි දවසක්....
මමත් ඇප්ලිකේෂන් දැම්මා.. හැබැයි මහබැංකු කොල්ලකාරයෝ පෝලිමේ එල්ලන්න ලැබෙන්නේ නැත්නම් ජොබ් එක බාරගන්නේ නැත. කවුරු නැතත් එක්කෙනෙක් වෙනුවෙන් ජොබ් එක කරන්න ඕනේ....
මහින්ද හෝ සිරා ඉතා සුදුසුයි..
ඔය තමන්ගේ දේශපාලන පක්ෂය තරම් වෙන කිසිවක් හොඳ නැතිබව හිතන ගල් බමුණාව නම් දාන්න එපා.
මේ ඔක්කොම කරගෙන එල්ලනකොට ජනපතිවරණය කටටම ඇවිල්ලා තියේවි. එතකොට එල්ලන එක කෙසේ වෙතත් හොඳ හොඳ බයිලා අහන්නත් තියේවි...
ඇමෙරිකාවේ "හෙරිටේජ් පදනමෙහි" පරිපූරක ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ පර්යේෂක ඩේවිඩ් මිල්හවුහාන් සඳහන් කර ඇත්තේ "සමහර අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ පවා ඇතුළුව ඉතා බරපතල දඬුවම් ඉල්ලා සිටියි. ඇත්ත වශයෙන්ම විවිධ සාම්පල සහ සංඛ්‍යානමය ක්‍රම භාවිතා කරමින් මෑතකදී සිදුකළ විමර්ශනවලදී පෙනීගොස් ඇත්තේ මරණ දඬුවම් හා මිනීමැරුම් අනුපාතිකයන් අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති බවයි. කෙටියෙන් කිවහොත්, මරණ දඬුවම තුලින් ඇත්ත වශයෙන්ම, ජීවිත බේරාගත හැකිය. මේ අතර "ස්ටාර්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරයෙකු වන ජෝන් ඩොනෝහියු කියා ඇත්තේ මෙසේය.. "මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් මිනිස් ඝාතන අනුපාතය අඩු කරන බවට කිසිඳු සාධනීය සංඛ්යාත්මක සාක්ෂි ඉදිරිපත්වී නැත. ඇමෙරිකාවේ, කැනඩාවේ, හොන්කොන් හෝ සිංගප්පූරුවේ සංඛාත විශ්ලේෂණය කිරීමේදී මොනම අපරාධයකට හෝ දඬුවම් ලබාදීමෙන් එම අපරාධයන්හි අඩුවීමක් සිදුවී ඇතිබවක් පෙනෙන්නට නැත.අපරාධ කරුවෙකුහට මරණ දඬුවමෙන් ජීවිතය අවසන් වෙනවාට වඩා ජීවිතාන්තය දක්වා දුෂ්කර හිර දඬුවම් විඳින්නට සිදුවන බව වැටහෙන්නේ නම් බොහෝවිට එම පුද්ගලයින් වරදක් නොකිරීමට පෙළඹෙනු ඇත."
පළමුවෙන් කුඩු ගේන ගැහැණු එල්ලලා මැරිය යුතුයි. පාතාලයට පියවරු නැති දරුවන්.. මොවුන් තමයි බිහිකරන්නේ..
ඔය කවි කියකියා ඉන්නකොට පෙරහැර ගිහින්... වැරැද්ද හරි නම් මොකටද තවත් බලාගෙන ඉන්නේ.., එල්ලන්න පුළුවන් නේද? මේකත් පුස්සක් නොවේවා... අපගේ පැතුමයි...!!!
ජී.එම්.ඕ.ඒ. එකේ නම් අළුගෝසු මූණක් තියෙන හාදයෙක් ඉන්නවා නිතරම කතා කරන... එයා නම් ක්‍රියාවෙනුත් සුදුසුයි.
එල්ලා මැරීම් දීර්ඝ කාලීන විසඳුම් නොලැබේවි.. ඒත් එවන් දෙයක් නොකරන තාක්කල් අපරාධකරුවන් අපරාධ කරන්න බය වෙන්නේ නැහැ. ඒ නිසාම අපරාද දිනෙන් දින වැඩිවෙනවා. මොකද මොනවා කළත් නොමරන බව දන්න නිසා.. මේ නිසා අපරාධ අඩු කරන්නට නම් එල්ලා මැරිය යුතුමයි. බැඳුම්කර හොරුන්ට දඬවම් දීමේ බමුණුආරච්චිගේ යෝජනාවට එකඟයි. ඒක හැකිසෑමවිටකදීම දඬුවම් දිය යුතුයි. පළමුව 2004 සිට 2015 දක්වා බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙමු. ඊට පස්සේ 2015 කට්ටියට. එතකොට අළුගෝසු තනතුරට ඔය මනුස්සයාවම දාමු... හොඳයිනේ...
"මතට තිත" නොතිබ්බත්, කට වචනෙන් හෝ එය කරපු හිටපු ලොක්කාට බැරිද මේ ජොබ් එක බාර අරගෙන මත්කුඩු කාරයන්ට තිතක් තබන්න? එහෙම නැත්නම්, මාස දෙකකින් උන් එල්ලනවා කියපු අපේ වර්තමාන "වීරයාට" මේ උසස් කාර්යය භාර ගන්න කියා පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් පටන් ගනිමුද? දැන් බලාගෙන යනකොට අලුගෝසුවෙක් හොයාගන්න බැරි උනොත් මේ මත්කුඩු සංහාරය කවමදාකවත් අපේ රටින් තුරන් කරන්න බැරි පිළිකාවක් වෙනවා ඇත! අපේ ජනාධිපතිවරයා කලකට ඉස්සර කියපු කතාවක් මට දැන් මතක් වෙනවා.... එයා ඉදිරියේදීම එයාගෙ පරණ ගජයෙක්....
අලුගෝසු තනතුර වගේම මේ රටේ කලුකෝට් දාන කාක්කන්වත් ඉතා යහපත් විනයගරුක හා ආචාර ධර්මයට අනුව තම වෘත්තීය කරන පිරිසක් කර මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි. නැත්නම් ලංකාවේ ඉන්න කාක්කෝ බොරුව ඇත්ත කරන විදියට වැරදිකරුවන් එලියේ ඉද්දි නිවරදි කරුවන් එල්ලිලා ඉදිවි. කෙසේවුවද මේ රටට මරණ දඩුවම අත්‍යාවශ්‍යමයි. ඒකේ කථා දෙකක් නැත. ඒ සඳහා කොන්ද පණතියන එඩිතර නායකයෙකු මූලිකත්වය ගෙන කටයුතු කලයුතුයි. නැත්නම් අපිට තව දශකයන් යන විට ළමා පරපුරක් හෝ ඉන්නට රටක් ඉතුරු නොවේවි.
අළුගෝසු තනතුරට ඕ ලෙවල් , පාරිලිමෙන්තුවට නොලෙවල්. විහිළු වැඩක්