IMG-LOGO

අබලන් ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කරන්න යයි

(ජේ.කේ.එල්. චාමින්ද)
 
මත්ස්‍ය ගහනය වැඩිකිරීම සදහා අබලන් වු බහුදින ධීවර යාත්‍රා හා  අබලන්  බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ  විශේෂ ව්‍යාපෘතියක්  ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
 
ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවේ දි  රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
 
“මුහුදු පතුලේ තැන්පත් කිරිම සදහා  අබලන් බස් රථ ශ්‍රී ලංගමයෙන් මිලදීගෙන තියෙනවා. මේවා මුහුදේ තැන්පත් කිරීම තුලින් ඒ ආශ්‍රිතව මත්ස්‍ය පැටව් බෝවෙනවා. සංචාරක ආකර්ශනය  ඇති කිරීමටත් එය විශාල පිටුවහලක් වෙනවා. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව  අබලන් බහුදින යාත්‍රා සහ බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීම අපි ආරම්භ කළා. දකුණු මුහුදු තිරය කේන්ද්‍රකරගෙන ගාල්ල වරාය ආශ්‍රිතව   ලබන මාසයේ දි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනවා ” යැයිද රාජ්‍ය ඇමතිවරයා  කිවේය.
මෙම කමිටු රැස්විම සදහා ඇමතිවරුන්වන රමේෂ් පතිරණ,දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති වත්මන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකොරළ යන මහත්වරුද එක්ව සිටියහ.
 



අදහස් (0)

අබලන් ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site