ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ ඡන්ද විමසීම වෙනත් දිනක දී පැවැත්වෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විනාඩි 30 කට වැඩි කාලයක් තාවකාලිකව කල් තැබුණු සභාව යළි රැස්වීමෙන් පසු කතානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නේය.
ඡන්දය පැවැත්වීම පිළිබඳ තීරණය ගත යුත්තේ සභානායකවරයා බවද කතානායකවරයා කීවේය.
අද දිනයේම ඡන්ද විමසීම ඉල්ලූ විපක්ෂ මන්ත්‍රීවරු මේ අවස්ථාවේ කතානායකවරයාගේ ප්‍රකාශයට විරෝධය පෑවේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd