(නිමල කොඩිතුවක්කු)
රෝහලක අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස හදිසි වෛද්‍ය සැපයුම් ඒකකයක් සහ ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කිසියම් රෝහලක ඖෂධ හිඟයක් ඇතිවන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව හදිසි වෛද්‍ය සැපයුම් ඒකකයේ පැය 24 පුරා ක‍්‍රියාත්මක 0766 474 777 යන ක්ෂණික දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන ලෙසද එම අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත.
එවැනි දැනුම් දීමක් ලද වහාම එම ඖෂධ රෝහලට සැපයීමට එම ඒකකය කඩිනම් පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව මෙම සේවය ක‍්‍රියාත්මක කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න දැන් කාටහරි හර්දයබාදයක් හැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චම, බෙහෙත් නැතිනම් පය විසි හතර පුරාම ඒ නොම්මරේට කතාකලම කොළඹ ඉඳන් ලොරියක දාල ඒ බෙහෙත එවනවා. හැබැයි ලෙඩා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා බෙහෙත එනකල්.
ඒ කියන්නේ එම් එස් ඩී එකේ අය, එකේ ලොක්ක ( දන්නා විදියට මහත්මයෙක් උනත් ) පොලවේ හැපී හැපී කිව්වත් හිඟයක් නැහැ කියල මේකෙන් ගම්‍ය වෙන්නේ එහෙම එකක් තියනවා කියල නේද ?