විනීතා එම් ගමගේ
 
සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින් පිරිසක් මුදා ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 


තමන් සී ෂෙල්ස් රාජ්‍යයේ කළ නිල සංචාරයේ දී එරට බලධාරින්ගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ධීවරයින් මුදා හැරුණු බව ද ජනාධිපතිවරයා කීය. 


මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයින් මෙසේ සීමා පැන සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාව දක්වා ගොස් ඇති බවත් එහිදී අත්අඩංගුවට  පත්ව ඇතැයි සිතන බවත් ජනාධිපතිවරයා කීය.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ  පැවැති ජලජීවී වගා තාක්ෂණික සමුළුව අමතමිනි.