(අමල් වික්‍රමරත්න, මොහොමඩ් ආසික්)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර අද(1) දිස්ත්‍රික් කිහිපයක සංකේත සත්‍යග්‍රහ පැවැත්වීය.
සයිටම් විරෝධී ගාලු දිස්ත්‍රික් ජන පවුර අද(1) සංකේත සත්‍යග්‍රහයක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ආරම්භ කළේය.
වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 6වැනිදා පැවැත්විමට නියමිත උපවාසයට සමගාමීව මෙම සත්‍යග්‍රහය අද දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි.
සයිටම් විරෝධී ජන පවුර අද මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී ද සංකේත උපවාසයක් පවත්වනු ලැබීය.

ඡායාරූපය - මොහොමඩ් ආසික්

ඡායාරූපය - අමල් වික්‍රමරත්න
COMMENTS
මේ අය තමාගේ දරුවන්ගේ අධ්‍යාපනයත් නැති කරනවා. වැඩක් නැති පුදුම දෙමව්පියෝ !
එක එක දවසට එක එක බොරු කිය කියා මෙහෙම මිනිස්සු රවට්ටන්නේ? මුළු ආණ්ඩු කාලෙම කරන්නේ කමිටු පත් කර කර නඩු අහන එක විතරයි. රටේ කිසිම සංවර්ධනයක් නෑහෑ. රටේ මිනිස්සුන්ට වගතුවාක් නෑහෑ.
උපවාසේ යෙදෙන්නේ සෙල්පෝන් වල එල්ලිලානේ. කලබල කරන්නේ නැතිව ඔහොමම ඉඳගෙන ඉන්න දෙන්න. වහිනකොට දුවයි
දොස්තරලා එකඟයි, උප කුලපතිවරු එකඟයි, මේ ගොල්ල උපවාසේ. අර දේශපාලුවෝ ටික ඉඩ දෙන්නේ නෑ නේද මොන විසඳුමක්වත් පිළිගන්න? ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ මොනවා හරි බාල්දි පෙරලමින් ඉන්න තාක් කල් පමණයි නේ. ඒකට කියන්නේ නම් නොනවතින අරගලය කියලයි. ඒ කියන්නේ නොනවතින බාල්දිය!
මේ දෙමාපියන්ද කියල කියන්නත් අප්පිරියයි. ඔබල කල යුත්තේ ඔබගේ අහිංසක දරැවන් පන්ති වලට යැවීම නොවේද. මෙම සටනෙන් අවසානයේ පාඩු විඳින්නේ ඔබේ දරුවන් පමණක් බව ඔබලට තේරෙන්නේ නැද්ද. දොස්තරලා ඔවුන්ගේ පෞද්ගලික චැනල් එක දවසක්වත් නැවැත්තුවද? ජේ වී පී නායකයන්ගේ දරුවන් ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල බව ඔබල නොදන්නේද? පෙරටුගාමී නායකයා ඔස්ට්‍රේරිලිය පුරවැසියෙක් බව ඔබල නොදන්නේද? ඔහු ඕනෙම වෙලාවක රටහැර යා හැකිය. තරමක් බුද්ධියෙන් සිතන්න. දරුවන්ගේ අනාගතය විනාශ නොකර ඔවුන් අධ්‍යාපනයට යොමු කරන්න. තවත් යමක් කිව යුතුයි. ලෝකයේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එකම රට ලංකාව බව ඔබල නොදන්නවා ඇති. සියලුම රටවල උසස් අධ්‍යාපනය සඳහා මුදල් අයකරන අතර එම ආයතන ලාභ නොලබන ආයතන ලෙස පවත්වාගන යයි. සිසුන්ට මුදල් ආධාර දෙන අතර ඒවයේ රැකියාව කරන විට ආපසු අය කර ගනී. ලිඳේ සිටින ගෙම්බන් වගේ නැතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
දරුවන් මහමගට දමන මෝඩ දෙමව්පියෝ.......
නත්තල් පප්පත් සූට් එක මාරුකරන් ඇවිත් ඉන්නේ පළමුවන පින්තුරේ.
තමන්වත් ඡන්දය නොදුන් පක්ෂයක් වෙනුවෙන් තමන්ගේ දරුවන් බිලිදෙන මෝඩ දෙමාපියෝ...
කට්ට කයිරාටික දේශපාලුවන්ගේ අතකොලු නොවී බුද්ධිමත්ව සිතන්න . තම දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම අනාගතයද අඳුරු නොකර කරුණාකර නැවත අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ව යොමුකරන්න . එසේ නොවුනහොත් අනාගතයේදී ඔබේ දරුවන් ඔබට සාප කරනු ඇත .
ඔබලාගේ දරුවන් කුහක ගති උරුම කරගත්තේ සමාජයෙන් නොව ඔබෙන් බව පැහැදිලියි. අනුන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය අදාළ නිලධාරින් බලා ගනීවි.
මෙම දෙමව්පියන් සමග රුපවාහිනී සජීවී සංවාදයක් තබා , මොවුන් සයිටම් ගැන දන්නේ මොනවාදැයි ඇසිය යුතුයි. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කෙසේදැයි සහ සයිටම් නිසා අවුරුද්දක් පමණ මොවුන්ගේ ළමයින්ට අධ්‍යාපන කරගත නොහැක්කේ කෙසේ දැයි මොවුන් රටට හෙලිකල යුතුයි. ශිෂ්‍යයින් පුද්ගලීක විද්‍යාලයකින් උසස් අධ්‍යාපනයක් ලැබුවොත් , රජයෙන් නොමිලේ ඉගනගන්න ළමයින් පන්ති නොයා පාරට බැසිය යුත්තේ ඇයි දැයි රටට පහදා දිය යුතුයි. පුළුවන් අය යම් ප්‍රමාණයක් පුද්ගලිකව අධ්‍යාපනය හදාරනවනම්, රජයේ විශ්ව විද්‍යාලවලට නිදහස් අධ්‍යාපනය බලාපොරොත්තුව ඉන්න අයට ඇති ඉඩකඩ වැඩි වෙනවද ? අඩුවෙනවද ?