(ඡායාරූප-ඉෂාන් සංජීව)
මාලබේ සයිටම් ආයතනයට විරෝධය පළකරමින් අද (04) කොළඹ කොටුවේ දී පැවති රැළියේ සහ විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක්.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/10254






(ඡායාරූප-ඉෂාන් සංජීව)
මාලබේ සයිටම් ආයතනයට විරෝධය පළකරමින් අද (04) කොළඹ කොටුවේ දී පැවති රැළියේ සහ විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක්.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/10254






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනම් මහවැලිය පටන් ගන්න කාලෙත් මේ වගේ බූරුවන්ට අඳින සරසවි සිසුවනුයි හිටියනම් අපි තාමත් කුප්පි ලාම්පුවක් පත්තුකරන් හූල්ලනවා.
වර්තමානයේ ලංකාවේ ජන රැලි හා නරි රැලි දෙකම එක වගේ නේද? නරි හු කියනකොටත් පැත්ත පළාතේ කනක් ඇහිලා ඉන්න බැහැ.
මේ රටේ උගතුන් බිහි වෙනවාට විරුද්ධව යන කුහක විරෝධතා පාගමන. ජය වේවා!
මහත්වරු මතක තියාගන්න මේ ළමයි සටන් කරන්නේ මේ නිදහස් අධ්‍යාපනය බේරගන්න මේ හොරුන්ගෙන් රට බේරගන්න මොකද්ද මේකයි මහවැලියයි අතර තියෙන සම්බන්ධය
ළමයිනේ පාර හරස් කරන්නේ නැතිව ගමකට ගිහින් දිය හින්දිච්ච වැවක් හාරලා පෙන්වන්න. රටේ මිනිසුන්ට බොන්න තියන වතුරටික තමයි ඊළඟ සැරේ පාරේ වැඩි වෙලා ඉන්නකොට ඔය ලමයිට විදින්නේ. ජයකොඩිගේ කතාවේ ඇත්තක් තියනවා.
5 වන පින්තූරයේ රාලහාමිට උම්මා දීමට තැත් කරන සිසුවාට දත නියවා ඔරවන පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි.
වෛද්‍ය ශිෂ්‍යයන්ට අනිත් ශිෂ්‍යයන් කොච්චර උදව් කලත් අනිත් සිසුන්ගේ ප්‍රශ්න වලට වෛද්‍ය සිසුන් උදව් නොකරන බව පෙන්වන නිදසුනක්. නිදහස් අධ්‍යාපනය රකින්න නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් වසා දැමීම විසඳුමක් නොවේ. සයිටම් ආයතනයෙම නිසි ප්‍රමිතියක් නැති ඉංජිනේරු උපාධි ඇතුළු තව උපාධි රැසක් ලබා දේ. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන් ඉල්ලන්නේ වෛද්‍ය විදයාලය පමණක් අහොසි කරන ලෙසයි. මන්දයත් ඔවුන්ට අනුව පුද්ගලයෙක් මිය යන්නේ වෛද්‍යවරයෙක්ගේ වරදකින් පමණි. නමුත් සත්‍ය තත්වය නම් වෛද්‍යවරයෙක්ගේ වරදකින් මිය යන්නෙ වරකට එක පුද්ගලයෙකි. නමුත් ඉංන්ජිනෙරුවෙක්ගේ වරදින් එක වර මිනිසුන් දහස් ගණනක් මිය යා හැකිය. තත්වය එසේ තිබියදි වෛද්‍ය ශිෂ්‍යයන් අනෙකුත් උපාධි වල ප්‍රමිතිය ගොඩ නැගිමට සහයක් නොදීම ආත්මාර්ථකමකි. මෙම පොස්‍ටුව මගින් සයිටම් ආයතනයෙ වෛද්‍ය විද්‍යලය හෝ ඉංන්ජිනේරු විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලීමක් නොකෙරේ. සිදු විය යුත්තේ සියල්ලගේම ප්‍රමිතිය ඇති කිරීමයි.
නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් තමයි, නිදහස් අධ්‍යාපනය බේරගන්න දගලන්නේ ....
ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. නමුත් සයිටම් කියන්නේ ඇමතිලටයි සල්ලි කාරයෝ කිහිප දෙනෙක්ටයි තමන්ගේ ළමයි ලොකු කමට දොස්තරල කරන්න දාපු ආයතනයක්. එකෙන් වෙන්නේ දුප්පත් රෝගීන් අසරණ වෙන එක. සල්ලි තියන අය කවදාවත් සයිටම් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේ නෑ.
සයිටම් එකේ ප්‍රමිතිය නැති කමින් ලොකුම අවාසිය වෙන්නේ එකේ ඉගෙන ගන්න දක්ස ළමයින්ට. එහෙම නැතුව රාජිතගේ ලේලිටවත් බස් ගැමුණු ගේ දුවටවත් නෙමෙයි. ප්‍රමිතිය හදපු ගමන් ඔය ගොඩක් අය එලියෙ.
කසුන් නිමල් වෙනත් ප්‍රමිතියක් නැති උපාධි ආයතන වලට එරෙහිව පෙරමුණ ගත යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රයේ සෘජුවම වගකීමක් තිබෙන අදාළ සිසුන් නොවෙයිද? මේ දරුවන් අඩුතරමින් තමන්ගේ ක්ෂේත්‍රයට අදාලව හෝ රැකිලා තිබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා. අනිත් උපාධි ආයතනත් අහෝසි කරන්න කියලා එතකොට මේ දරුවන්ම විතරක් පන්ති වර්ජනයේ ඉන්න ඕනෑද? අනෙක් සිසුන් තම උපාධිය නිම කරන අතරේ....
කෙසේකීවත් සයිටම් ඉංජිනේරු පීඨය ගැනත් දන්නෝ දනිති කියලා තමා කියන්න තියෙන්නේ...
සමහරුන්ගේ ටිකිරි මොලේ තරමටනේ සිතුවිලිත්... කුසුම්, හුරතලේට බෙහෙත් ගන්න කෙනෙක් වගෙයි කතාවෙන් පෙනෙන්නේ?
පොලිස් නිලධාරියාගේ හා විශ්ව විද්‍යාල සිසුවාගේ ඡායාරූපයෙන් බොහෝ දේ කියවේ. මේකේ මූලික වැරැද්ද ගම්වල අයගේ දරුවන් සමාජයට වෛර කරන කොටස විශ්ව විද්‍යාලයටයාම, ඔවුන් අනිත් සමාජයට හිරිහැරයක්...
බද්රානි, ලබා උපන් හැටියට ලැබුණු ටිකිරි මොලෙන් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? කථාවේ හැටියට ඔබතුමියගෙ නම් මහෞෂධ නුවණ ඉක්මවන නුවණක් තියෙනවා වගේ. හරිම සතුටුයි. මෙවන් මහා දැනමුත්තියන් සිටියත් අපේ රට තවම ණය පියවාගන්න රටේ සම්පත් විකුණන බදු දෙන තැනට වැටිලා නේද කියලා. අපි නම් චූටි ටිකිරි මොල තියන කට්ටියනේ...
කසුන් මම කියලා තියෙනවද ඉංජිනේරුවෙක්ගේ වරදින් මිනිසුන් මිය යා නොහැකියි කියා? නැවත කියවා බලන මෙන් ඉල්ලා සිටිනවා.
මේ වගේ කුහක ගති ඇති අය නිසා තමයි තමන්ගේ සහෝදරයෙකුගේ දරුවෙකුවත් ඉගෙන ගන්නවාට අකමැති. පුළුවන් නම් මුළු ලෝකයේම පුද්ගලික අධ්‍යාපන ආයතන වසා දමන්නකෝ !