(ශාන්ත රත්නායක)
ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ 20 වැනි ජාතික මහ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගනයේදී පැවැත්විණි.
එහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මහින්ද රාජපක්ෂ මහතා අතින් සමරු තිලිණ ප්‍රදානය කෙරිණි.





COMMENTS
සමරු තිළිණ, සම්මාන දෙන්න මෙයාල මොනවද කරල තියෙන්නෙ? අනේ මෙහෙමත් රටක්.
දේශපාලන ගැත්තන්ට අපේ රටේ සුවිශේෂී තත්වයක් හිමිවෙනවා. ඔවුන් විශේෂ සම්මාන වලින් පිදුම් ලබනවා. ඉතින් අපට මේ දසුන් කොතරම් නම් සුන්දරද? ඒ අව්‍යාජ, සතුටින් පිරි මුහුණු දුටුවම අපිටත් ඉබේටම හිනා යනවා.
කොළබින් පිට ගිහින් බලන්න. අසරණ ජනතාව සමෘදී නැතිව දුක් විදින හැටි. නායකයින්ට බනින හැටි. ඔය සම්මාන නමට විතරයි. ජනතා සම්මානය කවද ලැබෙයිද නළුවෝ වගේ ඇදගෙන ඇවිත්. බොරු සෙවල හලනවා ඕවට යන මුදල් අසරණ මිනිසුන්ගේ දීමනා වලට එකතු කරන්න. බිල් හංගන්නේ නැතිව රජයට ඉදිරිපත් කරන්න.
මේ අය රජයේ සේවකයන් නම් මොකටද දේශපාලකයන් ගෙන්වන්නේ ජාතික සම්මේලන වලට? සියලු දෙනා දේශපාලන ගැත්තන් බවට පත් වී ඇති හැටි.
සමෘද්ධි නිලධාරීන් තවම සේවය කරන්නේ පරණ ආණ්ඩුවට වගෙයි. නිල ඇඳුම් වලින් පේනවා කාටද සමෘද්ධි ලැබිල තියෙන්නේ කියල.
ගම්වල හිටපු අනුන්ට උගුල් අටවන, නිකන් දවස ගෙවන දේශපාලන ගැත්තන්ට රැකියාවක් දෙන්න පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි සමෘද්ධි සංවර්ධන නිලදාරී කියන්නේ, ඒ අය කරන්නේ පින් පඩි කකා දවස ගෙවන එක
ප්‍රේමදාස මහතා විසින් දිලුදු ජනතාව වෙනුවෙන් අරඹකරනලද ජනසවිය වැඩසටහන කුමාරතුංග මැතිනිය විසින් එහිනම සමෘද්ධි ව්‍යාපාරය ලෙස වෙනස් කර එඉරියට ගෙනගියා. අද එය එක පුද්ගලයෙකුගේ දේශපාලන ව්පායාරයක් පත්වෙලා ,
මම හිතාගෙන සිටියේ සමෘද්ධිය රජයේ දෙයක් කියලයි ............අදයි දන්නේ මේක ඒකාබද්ද විපක්ෂයේ ව්‍යාපාරයක් බව , උදාහරණයක් ලෙස මෙතන ඉන්න සියලුම .සමෘද්ධි නිලධාරී වැඩකරන්නේ රජය අපහසුවට පත් කර නැවත මහින්ද බලයට ගෙන ඒමට බව පැහැදිලියි.................
කෝ අර ඇට 8 දුන්න කෙනා, ඒවා බෙදුවේ මේ ඇයො නේද ?? "එක තටු ඇති කුරුල්ලෝ එකට ඉගෙලති "
සමෘද්ධි නිලධාරී සංගමය ඒකාබද්ද විපක්ෂයේ ව්‍යාපාරයක් බව අද පැහැදිලියි............
මුන් ඔක්කොම පල් හොරු.
මේ කල්ලිය ලෑස්තිවෙන්නේ ජගත් කුමාර රජකරවන්න මිසක් ව්‍යාපාරයේ දියුණුවට නොවේ..
ගම්වල ඉන්න අසරණ ජනතාවනි එක්වව් , ඔබ වෙනුවෙන් සේවය කරන බවට පොරොන්දුවී රජයේ රැකියාවක් ලබාගෙන ,ඔබ වෙනුවෙන් කිසිදෙයක් නොකර, රජයෙන් ඔබට ලැබෙන අදාරය පවා ගසා කා තමන්ගේ උන්ට බෙදා දෙමින් ඔබේ මුදලින් දේශපාලනය කරන සමෘද්ධි නිලධාරීන් නමින් හැදින් වෙන පින් පඩි කාර දේශපාලන වහලුන්ට ඉලපතෙන් සලකන්න , ගන්න පෙරමුණ මුන්ට පහර දී ගමෙන් එලවා දමන්න................
මේ ඇවිල්ල ඉන්න අයට නම් කෑමෙන් බීමෙන් අඩුවක් නැහැ වගේ. අැඟපතවල් හොඳට පිරිලා තියෙන්නේ.