ජුඩ් සමන්ත සහ චන්දන ප්‍රනාන්දු
දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක්මහ උළෙලක් වෙන්නප්පුව - නයිනමඩම පිහිටි රන්වැලි නිවාඩු නිකේතනයේ දී ඊයේ (15) පැවැත්විණි.
බක්මහ කුමරිය තේරීම,කඹ ඇදීම,කොට්ටා පොර,බනිස් කෑම,ඇතුළු තරග රැසක් මෙහිදී සංවිධානය කර තිබිණි.
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද එක්ව සිටියාය.
ඉපැරණි දඬුවම් ක්‍රමයක් වූ දඩු කදේ ගැසීම ද මෙම අවුරුදු උත්සවයේ දී දක්නට ලැබිණි.
රන්වැලි නිවාඩු නිකේතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම විසින් මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරැණි කණ්ඩායම ලෙස (1994 සිට 2004 දක්වා) රන්වැලි හොටලයේ මෙම උත්සවය සිදුකිරීම ගැන මට ආඩම්බරයි.