IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති


                   


(රොමේෂ් මධුෂංඛ)  

                                                   
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.


එසේ යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් කැළෑ මාර්ග ඔස්සේ පයින්ම ගමන් කරමින් යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කරන අයුරු දැක ගැනීමට ලැබේ.  


උහන ප්‍රදේශයේ සිට ලඳු කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට මෙසේ කතරගම දක්වා ගමන් කරන බැතිමතුන්ට සිදුව ඇත.


කතරගම දක්වා ගමන් කරන උතුරේ බැතිමතුන් ජූලි 13 වැනි දාට පෙර ගමන් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී කතරගම දේවාලයේ  පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්‍යයට සහභාගී වීමට නියමිතය.
 
 



අදහස් (13)

බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති

Ranga Tuesday, 12 June 2018 03:25 PM

ඉතාම දර්ශනීය රූපසටහනක්.. මිනිසුන් විසින් දුරස් කල ලොව දෙවියන් විසින් ලංකරයි..

:       0       2

vidya Tuesday, 12 June 2018 05:20 PM

නුඹලාට දෙපා වාරුව ලැබේවා. මිනිසාගෙන් නොලැබෙන දේවල් අදහන දෙවියන්ගෙන් වත් ලැබේවා.!

:       0       2

ධනුෂ්ක Tuesday, 12 June 2018 05:23 PM

මේ මිනිස්සු දිහා බැලුහම හිතට එන්නේ මේ දෙවියන් තම අනුගාමිකයන්ට පිහිටක් වෙන්නේ නැතුවද මන්දා. තිස්තුන් කෝටියක් දෙවියන් අදහන යදින විදියට ඉන්දියාව අද දිවිය ලෝකයක් වෙන්න එපැයි. හැබැයි මිහිපිට අපායක්. අද සුර ලෝක වගේ තියන එක රටකවත් 50%ක් වත් දෙවියන් හෝ කිසිම ආගමක් අදහන්නෑ. කැනඩාව, ස්වීඩනය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය, බෙල්ජියම මීට නිදසුන්.

:       3       1090

කුමාර් (ගල්ෆ්) Tuesday, 12 June 2018 06:42 PM

මේ මෝඩයින් පාරේ අයින්වෙලා ගියානම් හොඳයි, නැතිනම් ලංකාවේ විනීත රියදුරන් මෙයාලාව යටකරගෙන යයි.

:       2       137

Chanak Los angeles Wednesday, 13 June 2018 02:54 AM

වටිනා කාලය මෙලෙස කා දැමීම ප්‍රායෝගික දෙයක් නොවුනට ඔවුන්ගේ භක්තිය හා කැපවීම අගය කල යුතුයි ..

:       1       28

thushara Wednesday, 13 June 2018 04:11 AM

වෙසක් කාලෙට සෝබනේට දන්සල් දෙන උදවිය මේ අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්නවත් නැද්ද ?

:       0       129

rohan Wednesday, 13 June 2018 05:01 AM

මේ කාර්පට් කරපු පාරේ කොහෙද ලඳු කැලෑ

:       4       67

appuhamy Wednesday, 13 June 2018 05:41 AM

අමන දේශපාලකයෝ රන් වන් කසී සළු පිලි මුදා හැර පියා තබාලා දේශනා කරන සංහිඳියා වේ හෙලුවට මේ අහිංසක මිනිසුන් ගෙන් කදිම අතුල් පහරක්.

:       0       47

hira Wednesday, 13 June 2018 05:48 AM

මේ කරන කැපකිරීම වෙනුවෙන් ඔබලාට දෙවියන්ගෙන් මොනවද ලැබිලා තියෙන්නේ. මෙතන ඉන්න බහුතරයක් පේන විදියට සාමාන්‍ය පවුල් වල මිනිස්සුනේ. අපට ජීවත් වෙන කාලය තුල මිල මුදල්, පවුල්, ගේ දොර ,ලෙඩ වැනි සියලු එකී නොකී ප්‍රශ්න වලට මුණ දෙනවනේ. දෙවියන් වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් කරලත් මෙවැනි දේ සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා නම් අප ඒ වෙනුවෙන් කැප කරන ශ්‍රමය, කාලය, මුදල්, අපරාදේ නේද. අනික මේ ලෝකයේ විවිධ ආගම් වල සිටින ලෝකයක් සහ එකී නොකී සෑම දෙයක්ම මවන්න හැකියාව තිබු දෙවියන් පවා මිනිසුන්ගෙන් වසන් වෙලා ඉන්නේ ඇයි මිනිසුන් ඉදිරියට නොපැමිණෙන්නේ ඇයි. එසේ නම් නොපෙනෙන දේවල් වෙනුවෙන් අපගේ කාලය වැය කිරීම අපරාදේ නේද. පරම්පරාවෙන් ලැබෙන නිසා නොකොට බුද්දියට ඉඩ දෙන්න.

:       250       207

kumar (Gulf)Wednesday, 13 June 2018 10:40 AM

ඇස් නොපෙනන අන්ධයා දවල් අහස දිහා බලලා කියනවා ඉර කියලා දෙයක් නෑ කියාලා, මේ කතාකරන්නෙත් ඒ වගේ ආත්මික අන්ධයකිනි. ලෝකේ මිනිස්සු ගස් ගල් සිමෙන්ති වලින් හදපු දෙවිවරුන්ට වැඳලා උදව් ඉල්ලුවාට කොහෙන්ද හමුවෙන්නේ? සත්‍ය දෙවියන් එක්කෙනයි... අපේ හුස්මටත් වඩා ලඟින් එතුමා අප ළඟ ඉන්නවා.

:       126       81

pubudu Wednesday, 13 June 2018 08:13 AM

මේ මිනිස්සු මෙම පාද යාත්‍රාවේ එන්නේ සතුටින්. ඉතින් තව මොනවද?

:       0       7

rama Wednesday, 13 June 2018 10:37 AM

මහජන නියෝජිතයන් නාස්ති කරන මුදල්වලින් මේ මිනිසුන්ට බස් සේවයක් ලබා දෙන්න බැරි ඇයි?

:       2       0

BamunuarachchiWednesday, 13 June 2018 11:58 PM

ඔබ ගැන විශාල දුකක් අැතිවුනා මේ දේව භක්තිකයින්ගේ කැපවීම තේරුම් ගත්ත ආකාරය ගැන... මොවුන් මේ පයින් යන්නේ බස්එකේ යන්න... සල්ලි නැතුව නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 144 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 225 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1085 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site