සිර දඬුවම් නියම වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද දහවල් වන විටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඒ හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ගොස් සිටියත් බන්ධනාගාර නිලධාරීන් අද දහවල් වන විට පැමිණ සිටියේ නැත.
ඡායාරූප සැපයුම - ලහිරු හර්ෂණ සහ බොදුබල සේනා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හොස්පිටල් එක. මෙතනින් තමයි ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. මතකනේ බන්ධනාගාරෙන් අපේ යාළුවව (පෙර අධීක්ෂණ ඇමැති) කෙළින්ම මෙතනට එවන හැටි. ලඟම තියෙන කොළඹ මහරෝහල පසු කරගෙන... මෙයත් සියල්ල දැනගෙන හොර නඩයේ පිහිටෙන් ගොඩ යන්න තමයි මෙතැනට ඇවිත් ඉන්නේ. අපේ ශාසනය විනාසම කරලා දැම්මා.
මොකක්ද ඔය තරම් බරපතල ලෙඩේ? බොහෝ අවස්ථාවල මෙහෙම වෙලාවකට බඩේ රුදාව හැදෙන බව බව නම් අපි මීට පෙරත් දැක තිබෙනවා. සැබෑ රෝගියෙකුට ඇඳක් දීගන්න බැරි රජයේ රෝහල් වල මේවට නම් ඕනෑ තරම් ඇඳන් තිබෙනවා.
නීතිය ක්‍රියාත්මක නොවීම නිසා තමයි රටවැසියෝ කම්පනයට පත්වෙලා ඉන්නේ. තවදුරටත් මෙව්වා මෙහෙම සිද්ධ වුනොත් අම්මෝ, ඒකනම් මම මෙතන ලියන්නේ නැහැ.
හරියටම නඩු තීන්දුව දෙන්න දවසකට කලින් අපේ හාමුදුරුවෝ අසනීප වුණානේ ඉතින්...
නඩු තීන්දු එන්න කලින් රෝහලේ ඇඩ්මිට් වෙලා හිටියනම් බේරෙන්න පුළුවන් මේවා තමයි විහිලු මේ රටේ.
බුද්ධ පුත්‍රයෙක් මුසාවාදා සිල්පදය බිඳගෙන කර ගන්නා පවක් ...
හාමුදුරුවෝ බයටම රෝගාතුර වෙලා වෙන්නේ ඇති.
අපේ හාමුදුරුවන්ට ඉතාම අසාධ්‍ය බවකුයි පෙනෙන්නේ.
කව්රු කෙසේ කීවත් ඔබ වහන්සේ වීරයෙක් තෙරුවන්සරණයි.!
ඥානසාර හාමුදුරුවන් ගැන කට්ටියට තියෙන තරහ විජයකලාට, විග්නේශ්වරන්ට, ප්‍රභාකරන්ට නැනේ...
රට ජාතිය වෙනුවෙන් හඬ නගපු එකට පරගැතියන් කරන කොන්ද පණ නැති වැඩ මෙව්වා. අපේ සමහරක් හිතන් ඉන්නේ මේ හාමුදුරුවෝ ශාසනේ විනාස කළා කියලා. එහෙම කියපු මිනිස්සු මේ ශාසනේ පිහිටක් ලබන්නෙත් නැහැ, මේ හාමුදුරුවෝ කරපු දේවල් දන්නෙත් නැහැ.
මට තියෙන ප්‍රශ්නය සම්පුර්ණයෙන් වෙනස්. නඩු තීන්දුව දෙන්න කලින් ලීක් උනේ කොහොමද? එකනේ හාමුදුරුවන්ට ඇඩ්මිට් වෙන්න පුළුවන් උනේ නියම දවසට.
මේ ස්වාමීන් වහන්සේ නියම වීරයෙක් නම් මෙලෙස හැඟෙන්නේ නැතිව නියම කරන ලද දඬුවමට මුහුණ දී අන් අයට ආදර්ශයක් වෙන්න.
තෙරුවන් සරණයි හිමියණි.
ලංකා ඉතිහාසයේ හොඳට හොයල බැලුවොත් පේනවා අපේ ජාතිය නැතිවෙන්න ගියපු හැම වෙලාවකම හමුදුරුවරු ජීවිතය පරදුවට තියලා රට බේරලා දීලා තියෙනවා... වළගම්බා රජුට සොලීන්ගෙන් බේරෙන්න, දුටුගැමුණු රජුට සේනාවන් රැස්කරල දෙන්න, ධාතුසේන රජුට.... හමුදුරුවරු නැතිවෙන්න අද සිංහල ජාතියක් කොහෙන්ද? අද මේ රටේ පරිහානිය දැකල මැදිහත්වෙන හැම හමුදුරුවරු අල්ලලා ජාතිවාදය ලේබලය ගහල නැතිකරලා දානවා. සිංහලයා රැකුනොත් විතරක් මේ රට සහ බුද්ධාගම ආරක්ෂා වේවි. අද මේ රටේ පාලකයෝ කරන්නේ සිංහලයන්ව වලපල්ලට දාන එක නොවේද? මේවට එරෙහිව හාමුදුරුවෝ කතාකරන එක වැරදිද? හාමුදුරුවෝ මිසක් මේවා කතාකරන්න ඉන්න එක සිංහලයෙක් පෙන්නන්න පුලුවන්නම්. දුක හිතෙනවා මේවා දැක්කම...
බුදුන් දෙසු ථෙරවාදය ලංකාවේ පන්සල්වල තිබේද?