IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි

(සිතුම් චතුරංග)

මාස අටක කාලයක සිට උතුරු පළාතට වර්ෂාව නොලැබීම හේතුවෙන් පවතින නියං කාලගුණික තත්වයෙන් එම පළාතේ පවුල්  133678 අයත් පුද්ගලයින් 462815 පිරිසක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසති.

වර්ෂාව නොමැතිව ජල අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව උතුරු පළාතේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ නිලධාරීහු සඳහන් කරති.

උතුරු පළාතේ නියඟයෙන් වැඩිම පිරිසක් පීඩාවටපත් දිස්ත‍්‍රික්කය වන්නේ  යාපනය වන අතර එහි ග‍්‍රාම නිළධාරි වසම්  267 ක පවුල්   34049 ක පුද්ගලයින් 124206 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද පවසති.

යාපනය දිස්ත‍්‍රික්කයේ නියඟයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ චාවකච්චේරි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර, එහි පවුල්  11640 කට අයත් පුද්ගලයින් 47198 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරි වසම් 134 ක පවුල් 35730 ක පුද්ගලයින් 115308 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව මුලතිව් දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩි පිරිසක් පීඩාවටපත්ව සිටින අතර එම කොට්ඨාසයේ පවුල් 11827 කට අයත් පුද්ගලයින් 36951 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 102 ක පවුල් 24507 ක පුද්ගලයින් 85771 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද වවුනියාව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එහි පවුල් 11306 කට අයත් පුද්ගලයින් 39570 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද පවසති.

කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 95 ක පවුල් 24066 ක පුද්ගලයින් 83378 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් කරච්චි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත්ව සිටින අතර එහි පවුල් 9327 කට අයත් පුද්ගලයින් 32,632 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 77 ක පවුල් 15386 ක පුද්ගලයින් 54152 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එහි වැඩිම පිරිසක් මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එම පිරිස පවුල් 8026 කට අයත් පුද්ගලයින් 29421 පීඩාවටපත්ව ඇත.



අදහස් (1)

උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි

බණ්ඩාර(කැකිරාව) Tuesday, 01 August 2017 09:28 AM

මෙවැනි ප්‍රවුර්ති කොපමණ වාර ගණනක් පලකරත්, ආපදා කළමනාකරන අමාත්‍යාංශය හෝ සමාජසේවා අමාත්‍යාංශය හෝ ජල-කළමනාකරණ අමාත්‍යාංශය වලින් කිසිම සහන සේවාවක් හෝ ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක්.

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site