
(දයාසීලි ලියනගේ)
මන්ත්‍රීවරුනට නොමිලේ ඖෂධ ලබා ගත හැකි පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ සැපයීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මුළුමනින්ම අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
වර්ෂ 2014 සිට මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ ලබාදීම වෙනුවෙන් ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 1 1/2කට ආසන්න මුදලක් නොගෙවීම නිසා මෙලෙස ඖෂධ ලබාදීම අත්හිටුවා ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අමතරව වෛද්‍ය සැපයුම් අංශයෙන්ද පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ ලබාදෙන නමුත් සංස්ථාව මගින් ඖෂධ ලබාදීම මූලික වී ඇත.
මේ තත්ත්වය නිසා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ හිඟයක් පවතින බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නිකුත් කර ඇති ඖෂධ සඳහාවන මුදල් නොගෙවීම නිසා පසුගිය ජුලි මාසයේ සිට ඖෂධ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටවූ බවයි.
මුදල් ගෙවන ලෙසට පාර්ලිමේන්තු බලධාරීන්ට අවස්ථා ගණනාවක් සිහි කැඳවීම් කළත් මෙතෙක් මුදල් ලැබී නැති බවද නීතිඥ ලියනගේ මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
773
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට බෙහෙත් දීම අත්හිටුවයි