(දයාසිලී ලියනගේ)
රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමනායක, ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.
දැනට තිබෙන සෑම අමාත්‍යංශයක් සඳහාම ඡායා ඇමතිවරයකු පත්කරනු ලබන අතර එම අමාත්‍යංශ තුළ සිදුවන සියලු කරුණු පිළිබඳව සොයා බැලීම, අදහස් දැක්වීම, ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා වගකීම හිටපු මන්ත්‍රීවරයකුට පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජායාවක් විතරක් වෙයි වගේ.
මාර සෙට් එකක්නේ සාකච්චාවට ඉඳල තියෙන්නේ... මෙයාලද තීන්දු, තීරණ ගන්න යන්නේ ... අම්මෝ රටට අබ සරණයි.
මේ ක්‍රියාව ඉතාම කාලෝචිතයි... මොකද දැන් කොරෝනා වලට ලෝකෙන් ලැබෙන ආධාර සමස්ත ජනතාවට ලැබෙනවද කියල ප්‍රශ්නයක් තියෙනවා.රට වහල පන නල රැක ගන්න සතේ නැතුව එදා වේල කන්න දුක් විදිනවා. අද ලෝකේ තෙල් නිකන් දෙන්නේ... අපිට මෙහෙ අධික බදු ගහල මිනිස්සුන් හුරා කනවා. ඔය සමගි ජනබලවේගයෙ ඡායා කැබිනෙට්ටුවෙන් මේ සියල්ල හොයල රටේ සමස්ත ජනතාව දැනුවත් කරන්න කියල බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
ඒ ටිකමනේ තෝරලා තියෙන්නේ...
අන්දන කන්ඩායම පුතාව අන්දවනවා මදි නොකියන්න..
මේක හොඳ දෙයක්.
හීන අගමැතිගේ ඡායා කැබිනෙට්ටුව, සජිත්ට මෙදාපාර පාර්ලිමෙන්තුවත් නැතිවෙයි වගේ, අපේ රනිල් මහත්තයට අභියෝග කරන්න ආවා කොලඹ...
අනේ කොහොම හරි ස්කාගාර සංස්ථාව අයත්වන අමාත්‍යාංශය නලින් බණ්ඩාරට දෙන්න... පව්නෙ.
ඕන මගුලක්..., හැබැයි කරුණාකරලා සෞඛ්‍ය චායා අර රිෂාඩ් බදුදීන්ට කියන්න කොරෝනා මිනී වලලා රට කන්න එපා කියලා. එංගලන්තයේ ඉස්සර මහාමාරියද, වසුරියද වසංගතය පැතිරුනේ පරණ සොහොන් පිටියක්... මොකක්දෝ වැඩකට සුද්ද කරලා ගන්න ගිහින් එහි මිනීවල තිබුණු පරණ විෂබීජ මතුවීමෙන්... එය ප්‍රසිද්ධ සහ තහවුරුවුනු දෙයක්. කොරෝනා රෝගීන්ගේ මිනී වැලලීමෙන් ඒ වගේ දෙයක් තමා වෙන්නේ. විෂබීජ වතුරට ගියත් නැතත් පොළොවේ රැඳිලා පස්සේ උඩට එනවා. ඒ නිසා තමයි ඉස්සර අපේ රටෙත් වසුරිය හැදුනු අයගේ ගෙවල් සහ බදු පවා ගිනිතිබ්බේ. තරහට නෙවෙයි ජීවත්වන අයගේ යහපතට. කවුරු හරි හෙවනැල්ලක් ඔය කතාව තේරුම් අරන් අපව පන පිටින් තියනවාද? අපි මැරුනොත් ඔබලාට චන්දෙ දෙන්නේ කොහොමද එහෙම නැත්නම්?
ආයේ හීනෙකින්වත් ඇමතිවරු වීමේ ආසාව අතහැර දැමීමට මොවුන්ට සිදුව ඇත. පසුගිය රජය සමයේ පැවති අතීශය දුර්වල කළමනාකරණය සහ ජනතාවාදී තීරණ ගතයුතු මොහොතේදී නොගැනීම යන කරුණු නිසා අපකීර්තිමත් වූ පැවති යහපාලන රජය මේ පිරිස සමග මේ රටේ කිසිදු මැතිවරණයක් නැවත නොගනු ඇත. දැන් මෙරටේ ජනතාවට සැබෑ රාජ්‍ය පාලනය යනු කුමක්දැයි වත්මන් ජනපතිතුමා සහ ඔහු වටා සිටිනා අලුත් සහ ඇතැම් කාර්යක්ෂම නිලධාරීන් සහ ඇමතිවරුන් විසින් පෙන්වා දෙමින් තිබේ. ඒ නිසා මේ රටේ බොහෝ පිරිසක් දේශපාලන කඩතුරා හැර වෙනස් ආකාරයකට මේ රට දෙස බැලීමට පෙලඹෙමින් ඇත. එය ඉතා හොඳ ප්‍රවණතාවයකි.
මෙමගින් පැරණි කියමනක් මනා ලෙස නැවත වරක් ඔප්පු කරතිබේ.. එනම් හොරෙකුට පමණයි තවත් හොරෙකුව පහසුවෙන් අල්ල ගැනුමට හැක්කේ යන්න. එමගින් සනාථ වන්නේ 225 ක හොර හැත්තක් " බව නොවේද?
ඔන්න පටන්ගත්තා විහිළු කරන්න...
පිස්සුද? හැටිද?
සිහින දැකීමෙ අයිතිය කාටත් ඇත...
රටකුත් හදල දුන්නා නම් අපිට නිදහසේ ඉන්න තිබ්බා...
ඇනකොන්ඩා. කීයක් ඔට්ටුයිද?
"ඡායා කැබිනෙට්ටුව" කියල මේගොල්ලෝ කිවුවට සමහර රටවල නම් ඔය මගුල හඳුන්වන්නේ "හොල්මන් කැබිනෙට්ටුව" කියලයි! අපේ සකල සිරින් පිරි සිරි ලංකාවෙත් ඔය නම ළඟදීම උපත ලබනවාමයි ... දැනටත් ඒ ගොල්ලෝ හොල්මන් වැඩ කරන නිසා ඒ නම වඩාත් උචිත වනබව මගේ සීයා කියනවා !!!