IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්

(දයාසිලී ලියනගේ)

රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමනායක, ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

දැනට තිබෙන සෑම අමාත්‍යංශයක් සඳහාම ඡායා ඇමතිවරයකු පත්කරනු ලබන අතර එම අමාත්‍යංශ තුළ සිදුවන සියලු කරුණු පිළිබඳව සොයා බැලීම, අදහස් දැක්වීම, ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා වගකීම හිටපු මන්ත්‍රීවරයකුට පැවරේ.



අදහස් (20)

සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්

Rasika Friday, 15 May 2020 07:41 AM

ජායාවක් විතරක් වෙයි වගේ.

:       1611       4728

VINIVIDA Friday, 15 May 2020 01:50 PM

එක්සත් ජාතික පක්ෂයෙ සිටි පක්ෂය විනාශ කරපු අවස්ථාවාදී කණඩායමක් සමග නැවත අලියාට ගමනක් නැත. කල්ලි කණ්ඩායම් නොමැතිව එක්සත් ජාතික පක්ෂය මේවනවිට ඉදිරියට පියවර තබමින් සිටි. එක්සත් ජාතික පක්ෂයෙන් පිටවගොස් නැවත එම පක්ෂයට අයිතිවාසිකම් කීමට ඔවුනට නොහැක. පක්ෂයෙන් පිටවගියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සියල්ල අමතක කොට නිසා ඔවුනට එක්සත් ජාතික පක්ෂය පිලිබදව සහ එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රතිපත්ති පිලිබදව කතා කිරීමටද කිසිදු අයිතියක් හෝ හේතුවක් නොමැත. බිම් මට්ටමේ ගම් මට්ටමේ පාක්ෂිකයා සජිත්ලාගේ අවස්ථාවාදී දේශපාලනය මේ වනවිට හොදින් අවබෝධ වී ඇත. එක්සත් ජාතික පක්ෂය මහත්වරුන්ගේ පක්ෂයකි. පක්ෂය තුල කල්ලි කණ්ඩායම් සදහා ඉදිරියේදී කිසිදු ඉඩක් නොමැත. වර්තමාන නායකකත්වයට හෝ අනාගතයේදී පත්වන නායකත්වයට පහසුවෙන් පක්ෂය කරගෙන යාමට අවස්ථාව තිබිය යුතුවේ. කුට ලිපි ලේකන සකස් කොට උසාවියේදී ප්‍රසිද්දියේ රනිල් වික්‍රමසිංහ නායකයාගෙන් සමාව ගත් හිටපු ලේකම් වැනි පුද්ගලයන් එක්සත් ජාතික පක්ෂයට යලි සම්බන්ද කර නොගත් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැතිවා සේම පක්ෂයෙන් පිටව ගිය බොහෝ දෙනෙකුටද එම ප්‍රතිපත්තිය ඒ ආකාරයටම අදාල වේ .

:       4       26

දහනායකSaturday, 16 May 2020 02:38 AM

ලොක්කට පාර්ලිමේන්තුවේ බලය ලැබුනු අවස්ථාවලවත් මාස ගණනක් යනතුරු මෙවැන්නක්වත් පත්කර ගැනීමට නොහැකිවූ නිසා දින සියය දෙසීය කියලා රන් හා වටිනා කාලය කා දැමීමක් කළා. මෙලෙස සැලසුමක් ඇතිව සුදුස්සන්ට සුුදුසු තැන් දැන් සිටම දීලා පුහුණු කළොත් සමහර විට සජිත්ට දක්ෂ නායකයෙක් වීමට හැකිවේවි.

:       40       2

Silva Friday, 15 May 2020 07:52 AM

මාර සෙට් එකක්නේ සාකච්චාවට ඉඳල තියෙන්නේ... මෙයාලද තීන්දු, තීරණ ගන්න යන්නේ ... අම්මෝ රටට අබ සරණයි.

:       0       0

සිල්වියාSunday, 17 May 2020 12:53 AM

සිල්වා, අබ කියන්නේ අජිනොමොටෝ වගේ විෂක් නැති ආහාර රස කාරකයක් අබ කොල සම්බෝලයක් ඉතාම රස ආහාරයක්. ඒ වගේම බෙහෙත් ද්‍රව්‍යයක්. අබ සරණයි. කියන්නේ කුමක්ද. පහදලා දෙන්න

:       0       0

Koralage Friday, 15 May 2020 08:07 AM

මේ ක්‍රියාව ඉතාම කාලෝචිතයි... මොකද දැන් කොරෝනා වලට ලෝකෙන් ලැබෙන ආධාර සමස්ත ජනතාවට ලැබෙනවද කියල ප්‍රශ්නයක් තියෙනවා.රට වහල පන නල රැක ගන්න සතේ නැතුව එදා වේල කන්න දුක් විදිනවා. අද ලෝකේ තෙල් නිකන් දෙන්නේ... අපිට මෙහෙ අධික බදු ගහල මිනිස්සුන් හුරා කනවා. ඔය සමගි ජනබලවේගයෙ ඡායා කැබිනෙට්ටුවෙන් මේ සියල්ල හොයල රටේ සමස්ත ජනතාව දැනුවත් කරන්න කියල බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

:       1       0

Champa Friday, 15 May 2020 08:13 AM

ඒ ටිකමනේ තෝරලා තියෙන්නේ...

:       0       0

මහසෙන් Friday, 15 May 2020 08:37 AM

අන්දන කන්ඩායම පුතාව අන්දවනවා මදි නොකියන්න..

:       0       0

ලුම්බිණි Friday, 15 May 2020 08:43 AM

මේක හොඳ දෙයක්.

:       0       1

ජනක Friday, 15 May 2020 08:52 AM

හීන අගමැතිගේ ඡායා කැබිනෙට්ටුව, සජිත්ට මෙදාපාර පාර්ලිමෙන්තුවත් නැතිවෙයි වගේ, අපේ රනිල් මහත්තයට අභියෝග කරන්න ආවා කොලඹ...

:       0       1

P.Ilangaratne Friday, 15 May 2020 09:23 AM

අනේ කොහොම හරි ස්කාගාර සංස්ථාව අයත්වන අමාත්‍යාංශය නලින් බණ්ඩාරට දෙන්න... පව්නෙ.

:       0       1

lanka Friday, 15 May 2020 09:30 AM

ඕන මගුලක්..., හැබැයි කරුණාකරලා සෞඛ්‍ය චායා අර රිෂාඩ් බදුදීන්ට කියන්න කොරෝනා මිනී වලලා රට කන්න එපා කියලා. එංගලන්තයේ ඉස්සර මහාමාරියද, වසුරියද වසංගතය පැතිරුනේ පරණ සොහොන් පිටියක්... මොකක්දෝ වැඩකට සුද්ද කරලා ගන්න ගිහින් එහි මිනීවල තිබුණු පරණ විෂබීජ මතුවීමෙන්... එය ප්‍රසිද්ධ සහ තහවුරුවුනු දෙයක්. කොරෝනා රෝගීන්ගේ මිනී වැලලීමෙන් ඒ වගේ දෙයක් තමා වෙන්නේ. විෂබීජ වතුරට ගියත් නැතත් පොළොවේ රැඳිලා පස්සේ උඩට එනවා. ඒ නිසා තමයි ඉස්සර අපේ රටෙත් වසුරිය හැදුනු අයගේ ගෙවල් සහ බදු පවා ගිනිතිබ්බේ. තරහට නෙවෙයි ජීවත්වන අයගේ යහපතට. කවුරු හරි හෙවනැල්ලක් ඔය කතාව තේරුම් අරන් අපව පන පිටින් තියනවාද? අපි මැරුනොත් ඔබලාට චන්දෙ දෙන්නේ කොහොමද එහෙම නැත්නම්?

:       1       0

රජින්ද Friday, 15 May 2020 09:32 AM

ආයේ හීනෙකින්වත් ඇමතිවරු වීමේ ආසාව අතහැර දැමීමට මොවුන්ට සිදුව ඇත. පසුගිය රජය සමයේ පැවති අතීශය දුර්වල කළමනාකරණය සහ ජනතාවාදී තීරණ ගතයුතු මොහොතේදී නොගැනීම යන කරුණු නිසා අපකීර්තිමත් වූ පැවති යහපාලන රජය මේ පිරිස සමග මේ රටේ කිසිදු මැතිවරණයක් නැවත නොගනු ඇත. දැන් මෙරටේ ජනතාවට සැබෑ රාජ්‍ය පාලනය යනු කුමක්දැයි වත්මන් ජනපතිතුමා සහ ඔහු වටා සිටිනා අලුත් සහ ඇතැම් කාර්යක්ෂම නිලධාරීන් සහ ඇමතිවරුන් විසින් පෙන්වා දෙමින් තිබේ. ඒ නිසා මේ රටේ බොහෝ පිරිසක් දේශපාලන කඩතුරා හැර වෙනස් ආකාරයකට මේ රට දෙස බැලීමට පෙලඹෙමින් ඇත. එය ඉතා හොඳ ප්‍රවණතාවයකි.

:       0       1

Raveendra Friday, 15 May 2020 09:45 AM

මෙමගින් පැරණි කියමනක් මනා ලෙස නැවත වරක් ඔප්පු කරතිබේ.. එනම් හොරෙකුට පමණයි තවත් හොරෙකුව පහසුවෙන් අල්ල ගැනුමට හැක්කේ යන්න. එමගින් සනාථ වන්නේ 225 ක හොර හැත්තක් " බව නොවේද?

:       0       0

Kuma Friday, 15 May 2020 10:07 AM

ඔන්න පටන්ගත්තා විහිළු කරන්න...

:       133       351

Sujeeva Friday, 15 May 2020 10:42 AM

පිස්සුද? හැටිද?

:       88       231

Prabha Friday, 15 May 2020 10:49 AM

සිහින දැකීමෙ අයිතිය කාටත් ඇත...

:       107       317

Arun Friday, 15 May 2020 11:36 AM

රටකුත් හදල දුන්නා නම් අපිට නිදහසේ ඉන්න තිබ්බා...

:       111       105

Mann Friday, 15 May 2020 12:40 PM

ඇනකොන්ඩා. කීයක් ඔට්ටුයිද?

:       1       117

Nandalal DE SILVA - France Friday, 15 May 2020 05:07 PM

"ඡායා කැබිනෙට්ටුව" කියල මේගොල්ලෝ කිවුවට සමහර රටවල නම් ඔය මගුල හඳුන්වන්නේ "හොල්මන් කැබිනෙට්ටුව" කියලයි! අපේ සකල සිරින් පිරි සිරි ලංකාවෙත් ඔය නම ළඟදීම උපත ලබනවාමයි ... දැනටත් ඒ ගොල්ලෝ හොල්මන් වැඩ කරන නිසා ඒ නම වඩාත් උචිත වනබව මගේ සීයා කියනවා !!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 292 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 414 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site