(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය.
කෙසේ වෙතත් පාර්සල් ලෙස ආහාර අලෙවිකිරීම ඇතුලු අනෙකුත් සේවවන් පෙර ලෙසම කරගෙන යා හැකි බවද ඒ මහතා කිය.
වාරියපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයින් හතර දෙනෙකු හමුවීම හේතුවෙන් උද්ගතව ඇති අවධානම් තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය මෙම තීරණයට එළැඹීය.
ප්‍රදේශයේ ඇතිවී ඇති අවධානම් තත්වය මධ්‍යයේ ඉදියේදී කටයුතු කල ආකාරය පිලිබඳව වාරියපොල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය එකව කරන ලද සාකච්ඡාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ බව කියා සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුඛ ආවරණ, අත් වැසුම් පළඳින්නේ, ගලවන්නේ කෙසේද යන්න විස්තර කරන්න...
වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීම නතර කළාට ආපන ශාලාවෙන් එළියට ඇවිත් ආහාර ගන්න පුළුවන් නේද?
එතකොට ඔය පාර්සල් ආහාර පැකට් කරන්නේ කොහෙද?කව්ද?කොහොමද?කියල බලනවද?