IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව පුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.8 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව අද වනවිට ලොව නන්දෙසින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,827,925 කි.

වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,467,837 කි.

ඉන් අනතුරුව පිළිවෙළින් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවලිනි.

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා 494,841 දෙනකුට ජීවිත අහිමි වී තිතිබෙන අතර ඉන් මරණ 125,039 ක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි . වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ද එරටිනි.

දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 55,961කි. තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙනි. එම ගණන 43,498කි.

 ද ගාඩියන් /රොයිටර්ස්
- 055



අදහස් (1)

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි

සමන් ඕස්ට්‍රේලියාව Sunday, 28 June 2020 11:36 AM

මෙහෙත් ඒ වගේ කවටයෙක් බලේ හිටියා නම්, අපිටත් වෙන්නේ ඒ ටික තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 490 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site