IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවයි

නිල සංඛ්‍යා දත්තවලට අනුව ලොවපුරා සිටින කොරෝ ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්වවා ගොස් ඇත.

ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට ඇති නව කොරෝනා වයිරසය හෙවත් කෝවිඩ්-19 වයිරසය ලොව පුරා දැවැන්ත ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇත.

නිල සංඛ්‍යා දත්තවලට අනුව අද (30) පස්වරු 5 වනවිට ලොවපුරා 732,153 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර වාර්තා වූ සමස්ත මරණ ගණන 34,686ක් යැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය රටවල් සහ පරිපාලන ප්‍රදේශ 183 කට ව්‍යාප්ත වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්විණි. කොරෝනා වයිරසය ආසාදනය වූ ලොවපුරා 154,673මේ වනවිට සුවය ලබා ඇත.

අද පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 143,025ක් වන අතර එරටින් වාර්තා වූ මරණ ගණන 2,514කි. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත්ජ ජනපදයෙනි. වැඩිම මරණ ගණනක් වාර්තා වන ඉතාලියෙන් වන අතර අද පස්වරු වනවිට එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 10,779ක් වූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 97,689කි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 81,470කි. එරටින් වාර්තා වූ මරණ ගණන 3,304කි.තවත් රටවල් රැසක් තවමත් කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පිරිස් පරීක්ෂා කරගෙන යන අතර ඉහත සඳහන් කරන ලද සංඛ්‍යා දත්ත සම්පූර්ණ සංඛ්‍යා දත්ත නොවන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කර රෝහල් ගත කළ සහ පරීක්ෂණවලට මුහුණ දුන් පිරිස් පමණක් මෙම සංඛ්‍යා දත්තවලට ඇතුළත් කර ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

ඒ.එෆ්.පී.

055
 



අදහස් (0)

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site